සත්‍ය හා සංහිඳියා කොමිසම වැඩ අරඹන්න සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

සත්‍ය හා සංහිඳියා කොමිසම වැඩ අරඹන්න සූදානම්

සත්‍ය හා සංහිඳියා කොමිසම වැඩ අරඹන්න සූදානම්

සත්‍ය හා සංහිදියා කොමිසම පිහිටුවීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණ කර පවතින බව රජය පවසයි.

යහපාලන ජාතික රජයේ ප්‍රතිපතියක් ලෙස ක්‍රියාත්මක කරන මෙම කොමිසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ යෝජනාවක ප්‍රතිඵලයක් වශයෙන් පිහිටුවයි.

සත්‍ය හා සංහිඳියා කොමිසම පිහිටුවීමේ කෙටුම්පත සකස් කර ඇති අතර එය ඉදිරි පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබේ.

උතුරු නැගෙනහිර ඇතුළු ලංකාවේ සෑම ප්‍රදේශයකම අතුරුදහන් වීම්, පීඩාවට පත්වීම් ගැන සොයාබලා අවශ්‍ය පියවර ගැනීම මෙම කොමිසමේ අරමුණ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad