ඇමැති මාරුවක් අත ළඟ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

ඇමැති මාරුවක් අත ළඟ?

ඇමැති මාරුවක් අත ළඟ?
තම කැබිනට් මණ්ඩලය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ලෙස අවධානය යොමුකර ඇති බවත්, ඒ අනුව අකාර්යක්ෂම සහ චෝදනාවලට ලක්වූ ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ ඕනෑම මොහොතක වෙනස්වීමේ හෝ අහිමි වීමේ තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

පසුගිය කාලය තුළ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපයන්, මහජන අප්‍රසාදයට ලක්වීම සහ අකාර්යක්ෂම අමාත්‍යවරුන් පිළිබඳ අවධානය යොමුකළ බවත් මේ වන විට ද දැඩි ලෙස ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව පවතින චෝදනාවල සත්‍ය අසත්‍යතාව අකාර්යක්ෂමතාව මත පවතින අමාත්‍යාංශ ඕනෑම අවස්ථාවක වෙනස්වීමේ හැකියාවක් පවතින බව හෙතෙම අවධාරණය කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad