ජනපති ශ්‍රීලනිප විධායක සභාව රැස්කරයි - ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 2, 2017

ජනපති ශ්‍රීලනිප විධායක සභාව රැස්කරයි - ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා  

ජනපති ශ්‍රීලනිප විධායක සභාව රැස්කරයි - ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා සමස්ථ ලංකා කාරක සභාව එහි සභාපති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ  දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද 0පැවැත්වෙන විධායක සභා රැස්වීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව අනුව සුදුසුකම් ලද සියලු දෙනාට ආරාධනා කර ඇත.

මෙහිදී සියලූම නිලධාරී මණ්ඩලය, ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැතිවරණ කොට්ඨාශ ප්‍රධාන සංවිධායකවරුන් හා දිස්ත්‍රික්ක සංවිධායකවරුන් මේ සඳහා සහභාගී වන අතර සියලු අනුශාසකවරුන්ට ද මෙහිදී ඇරයුම් කර තිබේ.

නමුත් මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිසිවෙකුටත් ආරාධනා හිමි නොවන බව වාර්තා වේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාටද ඉතා ගෞරවාන්විත ලෙස ආරාධනා කර ඇති බවත් ගැටළුවක් තිබේ නම් එය විවෘතව සාකච්ඡා කර ඒවා නිවැරදි කර ගැනීමට පෙළඹෙනවා මිසක් පක්ෂය වෙන් වෙන් වශයෙන් බෙදා කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වශයෙන් කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad