තරු පහේ හෝටල්වල සැප ගන්නා යාචකයා ‘කාන්තාවන් සමඟ විනෝදවී’ ෆේස්බුකිය කළඹන හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

තරු පහේ හෝටල්වල සැප ගන්නා යාචකයා ‘කාන්තාවන් සමඟ විනෝදවී’ ෆේස්බුකිය කළඹන හැටි

යාචකයෙකු ලෙස මුදල් ලබා ගනිමින් තරු පහේ හෝටල්වල සැප ගන්නා පුද්ගලයෙකු පිළිබඳව විදෙස් වෙබ් අඩවි වාර්තා පළ කර තිබෙනවා.

බෙන්ජමින් හොල්ස්ට් නම් වයස අවුරුදු 32ක් වූ මේ ජර්මානු ජාතිකයා මලයාසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, හොංකොං, පිලිපීනය හා කාම්බෝජය වැනි නැගෙනහිර ආසියානු රටවල සිඟමන් අයදිමින් ඉන්පසුව එම මුදල් වලින් සුපිරි ජීවිතයක් ගත කිරීමට හුරු වූ අරුම පුදුම මිනිසෙක් බවයි පැවසෙන්නේ.

මොහුගේ මෙම ක්‍රියාව අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වූ පසු ‘ආසියාවේ ලොකුම වංචාකාරයා’, ‘වැඩකට නැති හිඟන්නා’ වැනි නාමයන් මොහුට පට බැඳී තිබෙන අතර මොහුගේ එක් කකුලක් විශාල නිසා ‘Big Foot’ ලෙසත් හඳුන්වනු ලබනවා. Macrodystrophia lipomatosa නම් සිරුරේ කොටස් විශාල වීමේ දුර්ලභ රෝගයක් නිසා දකුණු කකුල විශාල වී තිබෙන නමුත් ඔහුට ඇවිදීමට එය අපහසුවක් නොවන බවයි පැවසෙන්නේ.

වරක් 2014 වසරේදී තායිලන්තයේදී මොහු පාරේ සිඟමන් අයදමින් සිටිනු දැක තායිලන්තයේ තිබෙන ජර්මානු සංවිධානයක් විසින් මොහුට නවාතැනක් සපයා ඔහුට නැවතත් ජර්මනියට ගොස් පවුලේ අය සමඟ එක්වීමට අවශ්‍ය මුදල එක් රැස් කර සියලුම කටයුතු සූදානම් කර දී තිබෙන අතර මොහු ඒ ගුවන් යානය මඟහැර තායිලන්තයේ පතායා වෙත ගොස් වෙරළේ කාන්තාවන් සමඟ විනෝද වන අයුරු දක්නට ලැබී තිබෙනවා.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දැක්වෙන පරිදි ඉන්පසුව ඔහු ඩෙන්මාර්කයේද කාලය ගත කර ඇති අතර බෙන්ජමින්ගේ එක් අසාමාන්‍ය ලක්ෂණයක් වන්නේ ඔහු තරුපහේ හෝටල්, මිල අධික අවන්හල් වලට ගොස් සුඛෝපභෝගි ලෙස ජීවත් වන අයුරු, ආහාර පාන හා සුරූපී තරුණියන් සමඟ විනෝදවන අයුරු ඔහුගේ facebook ගිණුමේ සටහන් කිරීමයි.

මීට දින කිහිපයකට පෙර නැවතත් මොහු ආසියාවට පැමිණ තිබෙන්නේ නැගෙනහිර ආසියානු රටවල පුවත් මවමිනි. ජනතාව මුලා කරමින් එයින් සැප විඳින යාචකයින් තවත් සිටින අතර ඔවුන් සැඟවී හොර රහසේ කරන කටයුතු බෙන්ජමින් විසින් ප්‍රසිද්ධියේම සිදුකරන්නේ අසරණ මිනිසුන් වෙත දක්වන කරුණාව සමච්චලයට ලක් කිරීමට මෙන් බවයි විදෙස් වෙබ් අඩවි පවසන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad