අද හවස උදිත් නාරායන් ගෝල්ෆේස් එන නිසා ට්‍රැෆික්ලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

අද හවස උදිත් නාරායන් ගෝල්ෆේස් එන නිසා ට්‍රැෆික්ලු

කොළඹ ගාලුමුවදොර පිටියේදී සජීවි සංගීත ප්‍රසංගයක් සඳහා අද (11දා)  පස්වරු 07.00ට ඉන්දීය ගායක උදිත් නාරායන් පැමිණෙන්නට නියමිතය.
එහෙයින් ඒ ආශ්‍රිත ප්‍රදේශවල මාර්ග තදබදයක් ඇතිවිය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ගාලු මුවදොරට පිවිසෙන පිවිසුම් මාර්ගවන ගාලුපාර‚ කොල්ලුපිටිය‚ ශ්‍රීමත් මාකන් මාකර්
මාවත‚ ජනාධිපති මාවත හා ලොටස් පාර අවහිර විය හැකි බව පොලීසිය දන්වා සිටියි.
මේ හේතුවෙන් මාර්ග තදබදය අවම කරගැනීම සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස
රියදුරන්ගෙන් හා මගීජනතාවගෙන් ඉල්ලා සිටී.
කොටුව සිට චිත්තම්පලම් ඒ ගාර්ඩ්නර් මාවත‚ කොම්පඤ්ඤවීදිය‚ සර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ පිත්තල
හංදිය දෙසට ගමන් කළ හැකි අතර, කොල්ලුපිටිය දෙසින් කොල්ලුපිටිය හංදිය‚ ලිබර්ටි වටරවුම‚ පිත්තල
හංදිය‚ කොම්පඤ්ඤවීදිය ඔස්සේ කොටුව‚ පිටකොටුව දෙසට ගමන් කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad