රාජගිරියේ සබීතලාගේ ගොඩනැගිල්ලට රජය ලක්ෂ 245 ගානෙ ගෙවලා මාස 11 ක් වහල දාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 27, 2017

රාජගිරියේ සබීතලාගේ ගොඩනැගිල්ලට රජය ලක්ෂ 245 ගානෙ ගෙවලා මාස 11 ක් වහල දාලා

රාජගිරියේ සබීතලාගේ ගොඩනැගිල්ලට
කෘෂිකර්ම අමාත්‍යංශය
මාසෙට ලක්ෂ 245 ගානෙ ගෙවලා
මාස 11 ක් තිස්සේ තාම වහල දාලා


සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස 11 ක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය විය.


හිතවත්කම පදනම් කරගෙන සිදු කර තිබෙන බව කියන
මෙම ගොඩනැගිලි ගනුදෙනුව සම්බන්ධයෙන් මින් ඉහත විවිධ ආකාරයට මාධ්‍ය වාර්තා මගින් කරුණු අනාවරණයවී තිබුණ නමුත් නිල වශයෙන් රජයේ බලධාරීන් කිසිවෙකු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඇසූ පැනයකට පිළිතුරු ලෙස ඇමති ගයන්ත මේ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කරන ලදි. මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි දෙකහමාරට අාසන්න මුදලක් (ලක්ෂ 245)  ඩීපී ජයසිංහ සමාගමට ගෙවා ඇති බව එහිදී ඇමතිවරයා පිළිගත් අතර එම මුදල් ඇයවැයෙන් වෙන් කර ඇති ආකාරය නිවැරදි බව පවසා සිටියේ අයවැයෙන් කෝටි 150 කට ආසන්න මාසික කුලී විවිධ අමාත්‍යංශ වලට ගෙවන බව පැහැදිලි කරමිනි.

කෙසේ වෙතත් මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේ එම අවස්ථාවේ නොසිටි අතර පාර්ලිමේන්තුවේ සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ කියා සිටියේ තමා මේ ප්‍රශ්නය ඇමතිවරයාට යොමු කරන බව පමණි.

2015 ඔක්තෝබර් මාසයේ වැඩ නිම කරන ලද මහල් 10 කින් යුතු අති නවීන පහසුකම් සහිත රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ පිහිටි මෙම අලංකාර ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ජනපති මෛත්‍රිපාල සිරිසේන අතිනි. වර්ග අඩි ලක්ෂයක පමණ ඉඩපහසුකම් ඇති මෙහි වාහන 100 කට වඩා නවතා තබන්නට හැකි රථ ගාලක්ද තිබෙන බව කියැවේ. ඩීපී ජයසිංහ සමාගම මෙම ගොඩනැගිල්ල රජයේ අමාත්‍යංශයක් සඳහා දරන්නට අමාරු මාසික කුලියකට ලබාදීම අනුමත වූයේ කෙසේද යන්න ගැන පසුව ගැටලු මතු විය.

2016 ජූලි මස සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කර තිබෙන ආකාරයට මෙම ගොඩනැගිල්ල බද්දට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය රජය අනුමත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කර ඇති අතර විගණන පරීක්ෂණ අනුව එය ගැටලු මතු කරන්නකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස දන්වා තිබුනේ මේ සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගන්නට මෙම හිමිකරුවන් කටයුතු කර තිබුණ බවකි.



 

No comments:

Post a Comment

Post Bottom Ad