මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගමින් මුදල් අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා යටතට පවරා ගන්නා ලෙසට එජාප ඉහළ පෙලේ අමාත්‍යවරු පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
එලෙස මුදල් අමාත්‍යංශය පවරාගෙන එරාන් වික්‍රමරත්න වැනි විශ්වසනීයත්වයක් සහිත පුද්ගලයෙකු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරමින් අමාත්‍යංශයේ කටයුතු මෙහෙය වන ලෙස ඔවුන් ඉල්ලා තිබේ. එල්ල වන චෝදනා හරහා මහජන විරෝධය ගොඩනැගුනහොත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට ඉඩ ඇති බැවින් ඊට පෙර ජනාධිපතිවරයාගේ අවසරය සහිතව ම්දල් අමාත්‍යංශය අගමැතිවරයා යටතට පත් කල යුතු බව ඔවුන්ගේ මතය වී ඇත.
රවී කරුණානායක මහතාට පෙට්‍රෝලියම් අමාත්‍යංශය ලබා දීමට සහ චන්දිම වීරක්කොඩි මහතාට ඉඩම් අමාත්‍යංශය ලබා දීමටද යෝජනා වී තිබේ. හිටපු අමාත්‍ය එම් කේ ඩි එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු ඉඩම් විශය අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට පැවරුණු අතර ඔහුගේ වියපත් භාවය නිසාම සංචාරක අමාත්‍යංශයේ සහ ඉඩම් අමාත්ය්ංශය යන දෙකේම රාජකාරි ඉටු කිරීමට අපොහොසත් බව වාර්තා වේ.
harigossip.com
Monday, February 6, 2017
මුදල් ඇමතිකම අගමැතිට – නියෝජ්‍ය ඇමතිකම එරාන්ට – රවීට ඛනිජ තෙල් (Exclusive)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment