ලේක්හවුස් ආයතනයේ කොටස් 49%ක් දක්වා පෞද්ගලික අංශයට නිකුත් කළ යුතු බවට ආණ්ඩුවේ ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මේ අයුරින් ලේක්හවුස් ආයතනයේ කොටස් පෞද්ගලික අංශයට නිකුත් කිරීමට තීරණය වී තිබෙන්නේ එම ආයතනය වෙත ඇති රාජ්‍ය බලපෑම් අවම කර මූල්‍ය අස්ථාවරත්වය සහ සේවක අතිරික්තය ඇතුළු මානව සහ භෞතික සම්පත් නිසි පරිදි කළමනාකරණය කරගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින්ය.
ප්‍රධාන පාර්ශ්ව දෙකක් :
කෙසේ වුවත් මේ සම්බන්ධව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට යම් ආකාරයකින් ලේක්හවුස් ආයතනයේ කොටස් නිකුත් කිරීමක් සිදු වනවා නම් ඒ සඳහා ආයෝජනය කිරීමට සූදානම්ව සිටින ප්‍රධාන පාර්ශ්ව දෙකක් පිළිබඳ දැනගන්නට ලැබී ඇති බවත් ඒ විජය පුවත්පත් සමාගම අයත් විජේවර්ධන පවුල සහ පර්පෙචුවල් ටේරෂරීස් සමාගම බවට තොරතුරු ලැබී ඇති බවත්ය.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙසේ ලේක්හවුස් ආයතනයේ කොටස් පෞද්ගලික අංශය වෙත නිකුත් කරනවා නම් එහි දී විජය පුවත්පත් සමාගම අයත් විජේවර්ධන පවුල වෙත ප්‍රමුඛතාව හිමි විය යුතුව ඇති අතර ඒ අදාළ ආයතනය පවරා ගැනීමේ දී අත්සන් කරැති පොරොන්දු පත්‍රයක් අනුවය.
ලේක්හවුස් ආයතනය විජේවර්ධන පවුලට අයත් ආයතනයක්ව තිබිය දී 1973 දී එහි කොටස් අයිතිය 75% ක් රජයට පවරා ගන්නා ලදී. එවකට එම ආයතනයේ ප්‍රධානියාව සිටියේ රංජිත් විජේවර්ධන මහතාය. එසේම මේ වන විට විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරිය සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇතිව තිබෙන අමනාපය හේතුවෙන් අදාළ අවස්ථාව විජය පුවත්පත් සමාගම වෙත නොලැබීමේ තත්ත්වයක් මතුව ඇති බව ද පැවසේ.
අග්‍රාමාත්‍යවරයාගේ අමනාපය ?
විජය පුවත්පත් සමාගම සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇති මෙම අමනාපය මේ වන විට උග්‍ර වී ඇති බවත් ඒ හේතුව මත මීට පෙර තනතුරු වෙනස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් ලංකාදීප කර්තෘවරයා ඇතුළු කිහිප දෙනකු අදාළ තනතුරුවල දිගටම රඳවා ආයතනය තුළ සිටි අග්‍රාමාත්‍ය හිතවාදීන් ලෙස හඳුනා ගැනුණු මාධ්‍යවේදීන් කිහිප දෙනකු ආයතනයෙන් ඉවත් කරන්නට යෙදුණේ ඒ අනුව බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වුවත් මේ වන විට ලේක්හවුස් ආයතනයේ මූල්‍ය තත්ත්වය, පරිපාලන දුර්වලතා, සේවක පරිපාලනය ඇතුළු තත්ත්වයන් විධිමත් කිරීම සම්බන්ධව සොයා බැලීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ වාර්තාව මාස තුනක් තුළ ලබා දෙන ලෙස ද දැනුම් දී ඇත.
එම වාර්තාව නිකුත් වන තෙක් ලේක්හවුස් ආයතනය සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. එසේම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව නිකුත් වීමට නියමිත ජනාධිපති කොමිසම් වාර්තාව නිකුත් වන තෙක් එම සමාගමේ මුදල් රාජ්‍ය හෝ වෙනත් සමාගමක ආයෝජනය වීම සම්බන්ධව ගෙන ඇති තීරණයේ වෙනසක් සිදුව නැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
(සංජය ලියනගේ)
Sunday, February 12, 2017
බැදුම්කර හොර නඩය ලේක් හවුස් ආයතනයත් මිලට ගැනීමට සූදානම්! (Exclusive)
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment