ට්‍රම්ප් ඇමෙරිකාවට ඇතුළුවීමට තහනම් කළ රටවල් පහක් ඇතුළුව රටවල් 20කට අයත් 71 දෙනෙකු මෙසේ කෙනෙඩි ගුවන් තොටුපොළ තුළ රැදී සිටින අතර ශ්‍රි ලංකා ජාතිකයන්ද එම ස්ථානයේ සිටින බව asiancorrespondent.com හා themalaymailonline.wordpress.com වෙබ් අඩවි වාර්තා කරයි. කෙසේ වෙතත් එහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ගණන පිළිබඳව නිශ්චිත සඳහනක් නොවේ.
ට්‍රම්ප්ගේ නියෝගය හේතුවෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීම සඳහා ස්ථාපිත කර ගත් nobanusa.com වෙබ් අඩවිය උපුටා දක්වමින් මැලේසියානු මාධ්‍ය මෙම පුවත වාර්තා කරනු ලැබීය. ඉරානය, ඉරාකය, සිරියාව, සුඩානය, ලිබියාව, යෙමනය හා සෝමාලියාව යන රටවල් හතේ ජනතාවට ඇමෙරිකාවට ඇතුළුවීම ට්‍රම්ප් විසින් තහනම් කරනු ලැබීය.
ජොන් එෆ් කෙනඩි ගුවන්තොටුපොළේ ඉරානය, ඉරාකය, සිරියාව, සුඩානය, තුර්කිය, ලිබියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ප්‍රංශය, ඇල්ජීරියාව, ජොර්දානය, චීනය, මැලේසියාව, කටාර්, සෙනගාලය, ස්විට්සර්ලන්තය, ඇල්ජීරියාව, ඊජිප්තුව හා ගිනියාවට අයත් රටවල ජනතාව ඇමෙරිකාවට ඇතුළුවීමට නොහැකිව රැඳී සිටිති.
No comments:
Post a Comment