නව ව්‍යවස්ථාවෙන් ජනපතිගේ බලතල පළාත් අමාත්‍යවරුන්ට පවරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 20, 2017

නව ව්‍යවස්ථාවෙන් ජනපතිගේ බලතල පළාත් අමාත්‍යවරුන්ට පවරලා

නව ව්‍යවස්ථාවෙන් ජනපතිගේ බලතල පළාත් අමාත්‍යවරුන්ට පවරලා

යෝජිත නව ව්‍යවස්ථාව අනුව පළාත් සභා පිළිබ‍ඳ තීරණ ගැනීමට මෙතෙක් ජනාධිපතිවරයාට පැවරී තිබු බලතල පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් වෙත පැවරී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (20) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් නියෝජිත මාධ්‍ය හමුවට එක්වෙමිනි. 

සම්පූර්ණයෙන්ම මධ්‍යම රජය සතුව පවතින බලතල මේ තුළින් වෙන්ව යනු ඇතැයි ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ ය. 

රජය විසින් නිරන්තරයෙන් ඒකීය රාජ්‍ය නොබිදෙන බව කීවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර් ගතය තුළ එය සම්පූර්ණ වෙනස් කර ඇති බවත් එමෙන්ම ජනාධිපතිවරයා ජනමත විචාරණයකින් තොරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන බව පැවසුව ද එසේ නම් රජය කාලයත් මුදලුත් වියදම් කර ඇත්තේ කුමක් සඳහා දැයි වික්‍රමනායක මහතා ප්‍රශ්න කළේය.

කෙසේ වුවද ව්‍යවස්ථා සම්පාදන අනුකමිටුවලින් ඉවත් වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැත් මේ දක්වා අස්වීමේ ලිපි භාර නොදුන් බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad