බැදුම්කර හොරුන්ගේ පවු හොදන්න “DJ අරා” සියතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 7, 2017

බැදුම්කර හොරුන්ගේ පවු හොදන්න “DJ අරා” සියතට

බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා මහේන්ද්‍ර මහා හොරු රැල පසුගියදා අප අනාවරණය කල අයුරින්ම මිලට ගත් සියත TV සහ සියත ගුවන් විදුලිය (FM) නාලිකාවන් හි ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධානියා ලෙස හිරු ගුවන් විදුලි නාළිකාවේ ජනප්‍රිය උදෑසන ගුවන් විදුලි වැඩසටහනක් වූ “DJ අරා” නමැති වැඩසටහන ඉදිරිපත් කල ජනප්‍රිය(හිරූ කියන අකාරයට ) ගුවන් විදුලි ශිල්පී අරවින්ද ලොකුගේ පත්කර තිබේන ව වාර්තා වේ. ඒ අනුව අරවින්ද මේ මස 15 වැනිදා සිට එහි සේවය ආරම්භ කිරිමට නියමිතව සිටි.

බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා “ස්වර්ණවාහිනී” රූපවාහිනි නාලිකාව,මග යන්න පනනැති සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම විකාශනය නතරවි තිබේන MAX Tv නාලිකා සියල්ල මිලට ගත් මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් ඇතුලු එජාප මෙන්ම ජනාධිපතිවරයාගේ පවු සේදිම සදහා මේ වනවිටත් එජාපයට පක්ෂ නැති මාධ්‍ය ආයතන රැසක වැඩක් කල හැකි මාධ්‍යවේදීන් ගලවා තමන්ගේ ආයතන සදහා එකතු කිරිමේ කුමන්ත්‍රණයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

සියත නාලිකා ප්‍රධානී රොෂාන්ත කාරියප්පෙරුම අවස්ථා ගණනාවක සිය නාලිකා විකිණීම සදහා විවිධ පාර්ශ්වයන් සමග ගණුදෙනු වලට එලබියද පසුව ඒම ගණුදෙනු විවිධ හේතු ඉදිරිපත් කරමින් අවලංගු කිරිමට කටයුතු කල අතර පසුව ගෙවිගිය වසර දෙක කාලය තුල සියත නාලිකා අනන්තයටම කඩා වැටුනු අතර එම නාලිකා සහ රොෂාන්තගේ විවිධ ව්‍යාපාර කඩාවැටීමෙන් ඔහු අඩික ලෙස ණය කන්දකට යටව සිටි බව අප පසුගියදා අනාවරණය කලා.


උපුටා ගැනීම :  Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad