ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට හිලරිටත් ආරාධනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 5, 2017

ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට හිලරිටත් ආරාධනා

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඞ් ට්‍රම්ප්, ලබන 20 වැනිදා එරට 45 වැනි ජනපති ලෙස දිවුරුම් දීමට නියමිත අතර, දිවුරුම් දීමේ එම උත්සවයට ජනපතිවරණයේ දී ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන්ට ඇරැයුම් කිරීමට ද ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියා කලාපය කවුරුත් පුදුමයට පත් කිරීමට ද හේතුවක් වී ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ. ඊට අමතරව සම්භාවනීය අමුත්තන් ලෙස ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙපළක් වන ජිමී කාටර් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට ද ට්‍රම්ප් ඇරැයුම් යවා ඇතැයි ද පැවැසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad