දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්රීවරයාත්, සුමන්තිරන් මන්ත්රීවරයාත් වහාම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉල්ලා අස්වී රජය සමග යළි සාකච්ඡා කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.
යාපනයේදී මාධ්‍යවේදීන් ඇමතූ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ රජය උතුරු නැගෙනහිර එකතු නොකරණ බවත් බුද්ධාගම පමණක් රාජ්‍ය ආගම කරන බවටත් ප්‍රකාශයක් නිකුත් කළ අවස්ථාවේදී මේ දෙදෙනා නිහඩව සිටීමෙන් දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් බිදවැටී ඇති බවයි.
මේ නිසා ඔවුන් දෙදෙනාම මේ අවස්ථාවේදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉල්ලා අස්වී රජය සමග සාකච්ඡා කොට රජයේ ස්ථාවරය වෙනස් කරගැනීමට උත්සහ කළ යුතුව ඇති බව පෙන්වා දෙන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා තමන් මේ ගැන ඔවුන් දෙදෙනාට ලිඛිතව දැනුම්දී ඇතැයිද පැවසීය.
මේ රටේ දෙමළ ජනතාව අපේක්ෂා කරන්නේ උතුරු නැගෙනහිර එකතු කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමේ බලය බෙදාහැරීමේ ක්‍රමයක් බවට දෙමළ ජාතික සන්ධානය රජයට දැනුම්දී තිබියදී රජය සිය ස්ථාවරය දැනුම්දීමේදී දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදීම දෙමළ ජනතාව නොසලකා හැරීමක් ලෙසද ඔහු පෙන්වා දෙයි.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීමේදීත්, නව රජයට දෙමළ ජනතාව සහාය ලබාදීමේත් අරමුණ වූයේ මෙම ඉල්ලීම් බව පවසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ව්‍යවස්ථා සංශෝධනයේදී එසේ කරන බවට රජය පොරොන්දුවී දැන් එය ඉටු නොකිරීම බරපතල අසාධාරණයක් බවද සඳහන් කරයි. එවැනි රජයක ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ දෙමළ නායකයින් තවදුරටත් රැදීසිටීම ලැජ්ජාවට කරුණක් බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැඩිදුරටත් පැවසීය.
-දිනසේන රතුගමගේ-

No comments:
Post a Comment