රාජිත - අර්ජුන ආණ්ඩුව ගැන කළකිරීමෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

රාජිත - අර්ජුන ආණ්ඩුව ගැන කළකිරීමෙන්

රාජිත - අර්ජුන ආණ්ඩුව ගැන කළකිරීමෙන්
වැරදි කළ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර නොගැනීම ආණ්ඩුවේ දුර්වලතාවක් බවත් මහා පරිමාණ සොරකම් කළ පුද්ගලයන් රිමාන්ඩ් කළත් සති දෙකෙන් පමණ ඇප ලබාගන්නා බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ බාඳුරාගොඩ කැප්පිටිවලාන ශ‍්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී අද (12) ගමේ පන්සල ගමට සවියක් වැඩ සටහනට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය, 

“අපි අද පාරේ ගියහමත් මහජනතාව අහන්නේ කෝ මහත්තයෝ හොරු ඇල්ලුවාද කියලයි. එහෙම නැතිව අනිත් දේවල් ගැන හුඟක් ප‍්‍රශ්න කරනවා අඩුයි. ලොකු හොරු සුමානෙන් දෙකෙන් එළියට එනවා. චූටි චූටි වැරදි කරපු අහිංසක රජයේ සේවකයෝ නිතරම එප්.සී. අයි.ඩී. යනවා. මේ තත්ත්වය වළක්වා ගන්න ජනපති හා අගමැති නායකත්වය ගත යුතුයි. 

මේ නිසා අපිත් කලකිරිලා ඉන්නේ. විශාල හොරු අපේ මැති ඇමතිවරුනට කිට්ටු වෙලා ඉන්නවා. නිදහස ලබලා තියෙනවා.” මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූයේ දූෂණ වංචා සෙවීමේ සියලුම පරීක්ෂණවල ප්‍රමාදයක් තිබෙන බවයි.

පරීක්ෂණ කරන ආයතන සියල්ල බදාගෙන වැඩ කරන බවත් එම ආයතන බිහි කෙළේ මිනී මැරුම් හා රුපියල් බිලියන ගණනේ මහා පරිමාණ වංචා දූෂණ සෙවීමට බවත් ඔහු පෙන්වා දෙයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු ප්‍රමාදවීම ගැන නැඟෙන චෝදනාව ගැන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad