කාලගුණය වෙනසක් - ශ්‍රී පාද උඩමළුවේ අධික සීතලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

කාලගුණය වෙනසක් - ශ්‍රී පාද උඩමළුවේ අධික සීතලක්

කාලගුණය වෙනසක් - ශ්‍රී පාද උඩමළුවේ අධික සීතලක්
වියලි කාලගුණ තත්ත්වය මෙන්ම රාත්‍රී සහ උදෑසන කාලයේ ශීතල තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පවතින ශීත කාලගුණ තත්ත්වය තවත් සතියක පමණ කාලයක් අපේක්ෂා කළ හැකි බවත් ඉදිරි සතියේ දිවයින පුරා වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව පැවසී ය.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතේ සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ මල් තුහින තත්ත්වය ද ඇතිවිය හැකි බවත්ය.
මේ අතර පවතින අධික ශිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් ඒපිළිබඳ සැලකිලිමත්ව ඊට සූදානම්ව පැමිණෙන ලෙස  ශ්‍රීපාද උඩමළුවේ බාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමි ඉල්ලීමක් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad