අගමැති රනිල්ව සිරගත කරනවා - ජානිපෙ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

අගමැති රනිල්ව සිරගත කරනවා - ජානිපෙ

අගමැති රනිල්ව සිරගත කරනවා - ජානිපෙ
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා වාහන අවභාවිත කිරීමට අනුබල ලබාදුන් බවට අභූත චෝදනා නඟමින් සිරගත කළා සේම බැඳුම්කර වංචාවට අනුබල දීම යටතේ කෙදිනක හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවද සිරගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (11) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. කෝප් කමිටු වාර්තාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම වංචාව සිදු කිරීමට අනුබල දුන් බවට ලිඛිත සාක්ෂි ඇති බවත් විමල් වීරවංශ මහතාව සිරගත කළේ අනුබල දීම නිසා නම් එම තීන්දුව අගමැතිවරයාටද අදාළ බවද ඔහු පෙන්වා දෙයි.

නියමාකාරයෙන් පරීක්ෂණ සිදුකරනවා නම් මේ වන විට ආණ්ඩුවේ සිටින අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයම සිර ගෙවල්වල සිටිය යුතු බව පවසන දිසානායක මහතා බැඳුම්කර චෝදනාවේ පරීක්ෂණ අවසන් වන දිනට අගමැතිවරයා ජම්පරය අඳින්න සූදානම් වී සිටින ලෙස අවධාරණය කරයි.

වරදක් කර තිබෙනවා නම් රටේ ඕනෑම අධිකරණයක් ඉදිරියේ හිස නවන බවත් දේශපාලන දඩයම් කිරීම් සඳහා කරන සිරගත කිරීම්වලට කිසිදු අවස්ථාවක හිස නොනවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad