'නාඩා' තමිල්නාඩුවට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

'නාඩා' තමිල්නාඩුවට යයි

'නාඩා' තමිල්නාඩුවට යයි (VIDEO)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගත් නාඩා සුළි කුණාටුව පීඩන අවපාතයක් බවට පත්වී දිවයිනේ උතුරු ප්‍රදේශයෙන් තවදුරටත් තමිල්නාඩුව දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (01) මධ්‍යම රාත්‍රිය වනවිට එම පීඩන අවපාතය කන්කසන්තුරේ සිට කිලෝමිටර් 140ක් පමණ ඊසාන දෙසින් උතුරු තමිල්නාඩුව දෙසට ගමන් කරමින් පැවැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද (02) දිනයේ ද උතුරු පළාත, උතුරු මුහුදු ප්‍රදේශය සහ මන්නාරම් බොක්ක ප්‍රදේශයට තද වැසි සහ තඳ සුළං ඇතිවිය හැකි බවට කාලගුණ දෙපාර්තමේන්තුව කියාසිටී.

නැගෙනහිර සහ උතරුමැද පළාත්වලටත් බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලටත් වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 02.00න් පසු වැසි ඇති විය  හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad