ක්‍රීඩකයින්ට මරු කැඳවූ ගුවන් අනතුර සිදු වූ හැටි හෙළි වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

ක්‍රීඩකයින්ට මරු කැඳවූ ගුවන් අනතුර සිදු වූ හැටි හෙළි වෙයි (VIDEO)

ජාත්‍යන්තර පුවත් ගැන උනන්දුවන සියළු දෙනාම පාහේ මේ දිනවල කොළොම්බියානු ගුවන් අනතුර පිළිබඳ කතා කරනවා.

මෙඩිලින් ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ එහි බ්‍රසීලයේ ජනප්‍රිය පාපන්දු කණ්ඩායමක් ද ගමන් කරමින් තිබීම, මෙම අනතුර පිළිබඳ අවධානය ඉහළ දැමීමට සමත් වුණා.

අනතුරින් මියගිය ක්‍රීඩකයින්ගේ සංවේදී තොරතුර ආදිය පසුව මාධ්‍යයට අනාවරණය වූ අතර බ්‍රසීල පාපන්දු ලෝලීන් මෙන්ම බොහෝ දෙනා මෙයින් මහත් කම්පනයට පත්ව සිටිනවා. මේ අතර අදාළ ගුවන් අනතුර සිදු වූයේ කෙසේ දැ යි මේවන විට සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රමාණවත් තරම් ඉන්ධන ගුවන් යානය සතුව නොතිබී ඇති බව යි අනාවරණය වී ඇත්තේ. එපමණක් නොව එම අවස්ථාවේ දී යානයට කාර්මික දෝෂයක් ද බලපා ඇති බව පැවසෙනවා. පරීක්ෂණවල දී හමු වූ දත්තවලට අනුව ඉන්ධන ප්‍රමාණවත් නොමැති බව සහ කාර්මික දෝෂය පිළිබඳව යානයේ නියමුවන් පාලක මැදිරියට දන්වා ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම අනතුරින් මිය ගිය ගණන 77ක් බව යි වාර්තා වන්නේ.

වීඩියෝව පහතින්....



No comments:

Post a Comment

Post Bottom Ad