දුමින්ද සිල්වාගේ ෆේස්බුක් පිටුව update කරන්නේ මමයි - සොහොයුරිය කියයි!

මෙය සම්පූර්ණයෙන්ම ජනතාව නොමඟ යැවීමට හා රැවටීමට තැත්කිරීමක්!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගතව සිටිද්දී Facebook ගිණුම ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ඉංග්‍රීසි පුවත්පතක අද පලවී ඇති පුවතක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ සොහොයුරිය ඒ පළිබඳව පවසා සිටියේ එය විහිළුවක් මෙන්ම තාක්ෂණය පිළිබඳව නොදැනුවත්කම නිසා පලකළ පුවතක් පමණක් බවයි.

දුමින්ද සිල්වාගේ නිල Facebook පිටුවට ඡායාරූප පලකරන්නේ Facebook ඇඩ්මිනිස්ට්‍රේටර්  ලෙස තමන් බව පවසන දිලිනි සිල්වා මහත්මිය කියා සිටියේ මෙය නිසි සොයා බැලීමකින් තොරව ජනතාව නොමඟ යැවීමට හා රැවටීම උදෙසා පලකළ පුවතක් බවයි.

තවද දුමින්ද සිල්වා මහතාගේ Facebook පිටුවේ යවත්කාලීන වන්නේ ඡායාරූප හා වීඩියෝ පමණක් බවත් එහි "Administered by Dilini Silva" ලෙස ඉතා පැහැදිලිව සටහන් කර තිබෙන බවද ඔහුගේ සොහොයුරිය මෙහිදී සඳහන් කළා.

ඕනෑම ෆේස්බුක් පිටුවක ඇඩ්මිනිස්ට්‍රේටර් අයිතිය ඇති ඕනෑම කෙනෙකුට එහි ඕනෑම දෙයක් පලකළ හැකි බව ෆේස්බුක් භාවිත කරන ඕනෑම අයෙක් දන්නා කරුණක් බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තවද දුමින්ද සිල්වා මහතාගේ Facebook ගිණුමේ "Administered by Dilini Silva" ලෙස පැහැදිළිව සඳහන් වන අයුරු පහතින්...


 
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න