වර්ජනයට සහාය නොදෙන තී‍්‍රරෝද රථ රියදුරන්ට බලපෑම් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

වර්ජනයට සහාය නොදෙන තී‍්‍රරෝද රථ රියදුරන්ට බලපෑම් (PHOTOS)

වර්ජනයට සහාය නොදෙන තී‍්‍රරෝද රථ රියදුරන්ට බලපෑම් (PHOTOS)
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සහ තී‍්‍රරෝද රථ සංගම් කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනයට සහාය නොදක්වන හැටන් ප‍්‍රදේශයේ තී‍්‍රරෝද රථ රියදුරන්ට එම ප‍්‍රදේශයේම තවත් තී‍්‍රරෝද රථ රියදුරන් පිරිසකගෙන් බලපෑම් එල්ල වී තිබේ.

අද (02) උදෑසන සුපුරුදු පරිදි තී‍්‍රරෝද රථ ධාවනය කර ඇති එම රියදුරන්ට තී‍්‍රරෝද රථ ධාවනයෙන් ඉවත් වන ලෙස අනෙක් පාර්ශවයෙන් බලපෑම් එල්ල වී ඇත. එම දෙපිරිස අතර ඇති වූ නොසන්සුන්තාවය හැටන් පොලීසියේ මැදිහත්වීමෙන් පාලනය කර තිබේ.

මේ අතර අද දිනයේ වර්ජනයට එක් නොවූ අකුරැස්ස නිල්වලා ත‍්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයින්ට ද තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.

ඡායාරූප පහතින්....













හැටන් - රංජිත් රාජපක්ෂ 

No comments:

Post a Comment

Post Bottom Ad