NVQ 03 සාපෙළටත් NVQ 04 උසස්පෙළටත් විකල්පයක් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

NVQ 03 සාපෙළටත් NVQ 04 උසස්පෙළටත් විකල්පයක් වෙයි

NVQ 03 සාපෙළටත් NVQ 04 උසස්පෙළටත් විකල්පයක් වෙයි
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 වැනි මට්ටම අ.පො.ස. සාමාන්‍ය ‍පෙළ විභාගයටද, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 04 වැනි මට්ටම අ.පො.ස. උසස් පෙළ විභාගයටද විකල්පයක් ලෙස පිළිගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

රාජ්‍ය සේවයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා ඉල්ලුම් කිරීමේදී  කාර්මික ක්ෂේත්‍රය තුළ මෙම සමානතාව පිළිගැනීමේ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේවනවිටත් නිකුත් කර තිබෙන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවයේ හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ඉල්ලුම්කිරීමේදී කාර්මික කේෂ්ත්‍රය තුළ මෙතෙක් පැවැති ගැටලු සහගත තත්ත්වය මෙම ගැසට් නිවේදනය  නිකුත් කිරීමත් සමග නිරාකරණය වන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී  ඇමැතිවරයා පැවසී ය.

තාක්ෂණික හා කාර්මික අංශවල තනතුරු සඳහා බඳවා ගැනීමේදී ඉල්ලා සිටින අධ්‍යාපන සුදුසුකම්  සම්පූර්ණ කර නොමැති නමුත්, ජාතික වෘත්තීය  සුදුසුකම් සම්පූර්ණකර ඇති අයදුම්කරුවන්ටද එම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට ඉඩදීමටත්, බඳවාගැනීම් පටිපාටිවල සඳහන් අධ්‍යාපනික සුදුසුකම් හැර අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් එම අයදුම්කරුවන් අදාළ තනතුරු සඳහා බඳවා ගැනීමට අවස්ථාව ලබාදීමටත් මෙමගින් අවස්ථාව හිමිවේ.

රාජ්‍ය සේවයේ තනතුරක් ඉල්ලුම් කිරීමේදීඅධ්‍යාපනික සුදුසුකම් ඉල්ලා සිටින අවස්ථාවක හෝ සපුරාගත නොහැකි සුදුසුකම් ඉල්ලා සිටීම මෙම චක්‍රලේඛය නිකුත් වීමෙන් නිවැරදි මගට යොමුවන බවද හෙතෙම පෙන්වා දෙයි. NVQ 03 හෝ NVQ 04 මට්ටම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (German Tec), වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය,සාගර විශ්වවිද්‍යාලය, සියලුම කාර්මික විද්‍යාල, තාක්ෂණ විශ්වවිද්‍යාල හා ඊට අනුබද්ධිත විශ්වවිද්‍යාල විද්‍යායතන මගින් සපුරාගත හැකි බවද ඇමැතිවරයා පැවසීය.

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත් වුවද වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් අහිමිවන 225,000ක් ඉලක්ක කරගෙන මෙම වැඩපිළිවෙළ දියත්වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad