බිලියන හතරේ නිල්වලා බෝම්බය පිපිරේ.. ප‍්‍රබල දේශපාලඥයෙක් ළගදීම අත්අඩංගුවට… FCID ‘බී’ වාර්තාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

බිලියන හතරේ නිල්වලා බෝම්බය පිපිරේ.. ප‍්‍රබල දේශපාලඥයෙක් ළගදීම අත්අඩංගුවට… FCID ‘බී’ වාර්තාව මෙන්න..

නිල්වලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදල වාරිමාර්ග අමාත්‍යාංශයේ ගිනුමට බැරවී ඇති බැව් හෙලි වී ඇත.

ඒ අනුව ඉදිරි පරික්ෂණ කටයුතු කරගෙන යන බවට මහේස්ත්‍රාත්වරයා වෙත බී වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසන්නේ 2015 වර්ෂයේ නිල්වලා හැරවුම් ව්‍යාපතියේ අතිතිකාරම් ගෙවිමේදි අක්‍රමිකතා සිදු වී ඇති බවය. එම පරීක්ෂණවලට අනුව ඕනම අවස්ථාවක මෙයට සම්බන්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට බන්ධනාගාර ගත කිරීමට හැකිය. 


නිල්වලා ගග ව්‍යාපතියේ වෙනුවෙන් ගිය රජයේ අන්තිම සතියේදී මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදලක් මුදාල හැර තිබුනද එයින් අඩුම තරමේ මේ දක්වා පස් පිඩල්ලක්වත් කපා නැති බවත් මෙතරම් විශාල මුදලක්ට සිදු වූ දෙය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කල යුතු බවත් පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගාල්ල නගර ශාලවේදි කියා සිටියේය.

2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය. දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.

2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

මේ වනවිට ඉහත ඇමතිවරුන් තිදෙනාම සම්මුති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන අතර ඔහුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරයි.




No comments:

Post a Comment

Post Bottom Ad