රනිල් විරෝධීන් ජනපති සිරිසේන සමග Deal කරයි….මාස 6න් අමුතු ආණ්ඩුවක්,අජිත්,රංජන්,රුවන් පෙරමුණේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 9, 2016

රනිල් විරෝධීන් ජනපති සිරිසේන සමග Deal කරයි….මාස 6න් අමුතු ආණ්ඩුවක්,අජිත්,රංජන්,රුවන් පෙරමුණේ

එක්සත් ජාතික පක්ෂයේ රනිල් විරෝධී මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්විම සදහා කැමත්ත පලකර ඇති බව ශ්‍රිලනීප මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨ නිළයක් දරණ පුද්ගලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

ඒ සදහා ජාතික ආණ්ඩුවෙන් ඉවත් විමට සාධාරණ හේතුවක් අවශ්‍ය බව දැනුම් දි ඇති අතර ඒ අනුව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව කරගෙන යෑමට ඉඩ ලබාදි පසුව ආණ්ඩුව අසාර්ථක කර ඒ හරහා සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රීලනීප ආණ්ඩුවක් සෑදිම මෙම කණ්ඩායමේ යෝජනාව වි තිබේ.

ඒ අනුව අයවැය සම්මත විමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන ක්‍රියාවලිය අස්සේම ජාතික ආණ්ඩුව වෙනුවට රනිල් වික්‍රමසිංහ මහත නායකත්වය යටතේ එජාප ආණ්ඩුවක් සෑදිමට අවශ්‍ය තල්ලුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනීප මෛත්‍රී පිළේ කණ්ඩායම් හරහා සිදුකිරිමට අවශ්‍ය මෙහෙයුම මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර ඒ පසුපස එජාපයේ සජිත් පිළ නියෝජනය කරන නී අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා,රංජන් රාමනායක සහ එජාපයේ නායකත්ව සිහිනය අභියස සිට පසුව වික්‍රමසිංහ මහතාගේ ගල් කොල්ලන් කපා දැමු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනද සිටින අතර සජිත් පිළේ න්‍යාචාරවයාව සිට දැන් සිරිසේනගේ න්‍යාචාරවරයා ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලක මෙම මෙහෙයුම පිටුපස සිටින බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

රනිල් වික්‍රමසිංහගේ ගජ මිතුරා වන ශ්‍රී ලංකා සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන අර්ජුන් මහේන්ද්‍රන් හා එජාපයේ රනිල් කල්ලිය එක්සත් ජාතික පක්ෂය බිල්ලට දි බිලියන ගණන් උපයා ගැනිම ගැන කලකිරිමට පත් එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එජාපයේ වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරියේදි කටයුතු කිරිමට සුදානම් බව එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු මිට පෙර අනාවරණය කර තිබුනා.

එජාපයේ මන්ත්‍රීවරුන් 93 දෙනෙකු සිටින අතර ඊට අමතරව ශ්‍රීලනිපයේ දැනට ඇමතිකම් දරණ මන්ත්‍රීවරුන් ඒ අකාරයටම ඒජාපය සමග එක්ව කටයුතු කරනු ඇති අතර ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එම එජාප ආණ්ඩුවට එකතු කිරිමට හැකියාවක් ඇති බවයි සිරිසේනගේ න්‍යාචාරවරයා පෙන්වාදි ඇත්තේ.මෙම මෙහෙයුම සදහා සිවිල් සංවිධාන,කිළී මහාරාජාගේ මාධ්‍ය ජාලය සහ පසුගියදා රනිල්ට පයින් ගෑසු රේනෝගේ හිරූ මාධ්‍ය ජාලයද ඉතා සියුම්ව භාවිතා කිරිමට කටයුතු කරමින් සිටි.

යහපාලන ආණ්ඩුවේ ගැටලු හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වෙන වෙනම තම තනතුරැ රැක ගැනීමේ සීතල යුද්ධයකට අවතීර්න වි සිටින අතර විශේෂයෙන්ම ජනාධිපතිවරයා මුහුණ දි සිටින අර්බුදය වන ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ජනතා බලයක් නොමැති විමත් ඒ හරහා මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යලිත් අල්ලා ගැනිම සදහා දැඩි පරිශ්‍රමයක් යෙදවිමට සිදුව තිබේ.

ඒ අනුව එජාපය ආණ්ඩුව අනාගත් පසුව ශ්‍රීලනිපයේ මෛත්‍රී පිල,එජාපයේ සජිත් කණ්ඩායමේ සිට සිරිසේන සමග ආණ්ඩුව සෑදිමට කටයුතු කරන කණ්ඩායම සහ තවත් සුළු පක්ෂ සියල්ලම එකතු කර ගනිමින් ආණ්ඩුවක් සැදිම හරහා ශ්‍රීලනිපයේ බලය ඇල්ලිමට උපක්‍රමශීලීව කටයුතු කරමින් සිටින රාජපක්ෂලා දේශපාලන පොරපිටියෙන් ඉවත් කල හැකි බවත් ඒ හරහා මහින්ද සමග සිටින ශ්‍රීලනිප කණ්ඩායමද දිනාගැනිම මෙම කුමන්ත්‍රණයේ අරමුණ වි තිබේ.

පසුගිය මාසයේ හදිසියේ ආරම්භ කල ශ්‍රීලනීප ප්‍රවර්ධන වැඩසටහන්ද ආරම්භ කර හින කිහිපයක් තුල නතර කර දැමිමට සිදුවු අතර ඒ සම්බන්ධයෙන් මෛත්‍රී පිලේ කණ්ඩායම් අතර අර්බුදයක්ද හටගෙන් තිබේ.

මේ සම්බන්ධයෙන් මෛත්‍රී පිළේ කිහිප දෙනෙකු මෛත්‍රී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අපේ අය ඇමතිකම් අරන් කොළඹට වී ජොලියේ ඉන්නා බවත් මේ වනවිටත් මහින්ද පාර්ශවය වෙනුවෙන් අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ විසින් ඉතා උපායශීලීව හා සාර්ථකව ගම් මට්ටමේ කරගෙන යන බවත්, මේ විදියට ගියොත් අනාගතයේදි අපේ කණ්ඩායමට මහින්දගේ ලකුණෙන් ඡන්දය ඉල්ලන්න වෙන බවත්ය.

එහිදි මෛත්‍රී ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගිය අතර අවසානයේ ඔහුද ‘අපේ කට්ටිය ගමට බැහලා කිසි දෙයක් කරන්නේ නැ’ කියමින් අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පෙන්වා තිබේ.


(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)

No comments:

Post a Comment

Post Bottom Ad