ඇමති ලේකම් තොගයක් ඉල්ලා අස්වෙති.. මහින්ද සමග සන්ධානයකට සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 26, 2016

ඇමති ලේකම් තොගයක් ඉල්ලා අස්වෙති.. මහින්ද සමග සන්ධානයකට සූදානම්..

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්, මාධ්‍ය ලේකම්, සංවිධායක ධුර දරන පිරිසක් එළැඹෙන දින කිහිපයේදී සිය ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වී විකල්ප ක‍්‍රියාමාර්ගයකට එක්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අවස්ථා කිහිපයදී මෙම පිරිස සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වනු ඇති අතර ආරම්භයක් ලෙස ඉදිරි දින කිහිපය ඇතුලත කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සූදානමින් සිටිති.

බලයට පැමිණීමට පෙර දුන් පොරොන්දුවලට හාත්පසින්ම වෙනස් ක‍්‍රියාවලියක ආණ්ඩුව දැන් නිරත වන බවත් මෙම අශිෂ්ඨ පාලනයට එරෙහිව ඕනෑම යකෙක් සමග සන්ධානගත වීමට සූදානම් බවත් ඒ මහින්ද රාජපක්‍ෂ වුව ගැටළුවක් නැති බවත් අප වෙත අදහස් පල කරමින් දුර දිස්ත‍්‍රික්කයක් නියෝජනය කරන ප‍්‍රබලතම ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙක් කීය.

අද දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඇමතිවරයා වෙත ලබා දුන් බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad