කරුණානිධි රෝහල්ගත කෙරේ

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහඇමති DMK නායක මුතුවේල් කරුණානිධි හදිසියේම රෝහල්ගත කර තිබේ.

දැනට අනූතුන්වෙනි වියේ පසුවෙන ඔහු රෝහල්ගත කර ඇත්තේ පෝෂණ ඌනතා සහ විජලනය හේතුවෙන්.

කරුණානිධිට වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කෙරෙමින් ඇති අතර ඔහුට ජීවිත අනතුරක් නොමැති බව යි වාර්තා වන්නේ. එහෙත් ඔහුට දින කීපයක් රෝහළේ ගතකිරීමට සිදුවෙන බව යි ඔහු ප්‍රතිකාර ලබන රෝහලේ විධායක අධ්‍යක්ෂ අරවින්දන් සෙල්වරාජ් පවසා ඇත්තේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment