කුමාර් ගුණරත්නම්ට නිදහස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

කුමාර් ගුණරත්නම්ට නිදහස

පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාගේ සිරදඬුවම් කාලය අද (02) අවසන් වන අතර, ඔහු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන්නේ ද නැද්ද යන රජය විසින් අද තීරණය කරනු ඇති බව වාර්තා වේ.

එසේම ආගමන විගමන පාලකවරයා ඇතුළු නිධාරීන්ගෙන් සාකච්ජාවකින් පසුව ගුණරත්නම්ට මාස තුනකට වීසයා ලබා දීමට තිරීණය කර තිබේ. ඔහුට දෙසැම්බර් 09 දක්වා සිරදඬුවමක් නියමව තිබුනද සිරකරුවන්ට පොදුවේ හිමිවන සහන දින ගණන් අඩු කිරීමෙන් පසු අද දින සිරදඬුවම් කාලය නිමාවේ.


ඔහුව පිටුවහල් කිරීමේ අදහසක්‌ නැති බවත්, විධිමත් පරිදි ඔහු විසින් පුරවැසිභාවය ඉල්ලා සිටියොත් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවත් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්‌කෘතික ඇමැති එස්‌. බී. නාවින්න මහතා ඊයේ (01 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්‌ථාවර නියෝග යටතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
කුමාර් ගුණරත්නම්ගේ මවුපියන් මෙරට ජීවත් වන පුරවැසියන් නිසා ඔහු ලංකාවෙන් පිටුවහල් නොකර පුරවැසිභාවය ලබාදෙන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad