කතළුව දුම්රිය උප ස්ථානාධිපතිට මැර ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

කතළුව දුම්රිය උප ස්ථානාධිපතිට මැර ප්‍රහාරයක්

කතළුව දුම්රිය උප ස්ථානාධිපතිට මැර ප්‍රහාරයක්
ඊයේ (01) රාත්‍රියේ අහංගම - කතළුව දුම්රිය ස්ථානයේ උප ස්ථානාධිපතිවරයාට කිසියම් පිරිසක් විසින් පහරදී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ එම පහරදීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.

මෙම පහරදීමට පුද්ගලයින් 04 දෙනෙකු සම්බන්ධ වී ඇති බවත් දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේදී ඇති වූ බහින් බස්වීමක් මෙම පහරදීමට හේතුවී ඇති බවත් පොලිසිය පවසයි.

පහරදීමට පැමිණි පුද්ගලයින් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වන අතර ප්‍රහාරයෙන් පසුව දුම්රියපොල වසා දැමීමට කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad