මට 'හූ' කිව්වා - මහින්දගේ දෙබිඩි පිළිවෙතක් ගැන ජනපති හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

මට 'හූ' කිව්වා - මහින්දගේ දෙබිඩි පිළිවෙතක් ගැන ජනපති හෙළිකරයි

මට 'හූ' කිව්වා - මහින්දගේ දෙබිඩි පිළිවෙතක් ගැන ජනපති හෙළිකරයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැය 2017 වැයශීර්ෂයේ විවාදයට අද(01) එක්විය. 
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද (01) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. 

මෙම වැයශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේ ඊට සහභාගී වෙමින් ජනාධිපතිවරයා අදහස් දැක්වීම අරම්භ කළේ ය. යුද්ධය නිසා බොහෝ දෙනෙක් රට අතහැර ගිය බවත් එය රටට අපකීර්තියක් බවත් ජනපතිවරයා පැවසී ය. දේශපාලඥයින්, රණවිරුවන්, ජනතාව කැපකිරීම් කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භෞතික වශයෙන් පරාජය කළ නමුත් සැබෑ සාමයක් තවමත් ස්ථාපිත නොවුණ බවත් ඔහු පැවැසීය.
 
රට බෙදීම පිළිබඳ මතය පරාජය වූ දාට යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් බවත් රට බෙදන බවට සිංහල බෞද්ධ ජනතාවට, මහා සංඝරත්නයට හා විදෙස්වල සිටින ජනතාවට නව ව්‍යවස්ථාවෙන් රට බෙදන බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරන බවත් ඔවුන් අනාගත බලය උදෙසා කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ලබාදෙන විසදුමට සෑම කෙනෙකුමට එකඟවිය යුතු බවත් ඔවුන්ට පිළිගත හැකි විය යුතු විසදුමක් විය යුතු බවත් ජනපතිවරයා වැසීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින විට ජාතික ප්‍රශ්නය දිහා එක් ආකාරයකටත් බලයෙන් පිටව ගිය පසු නැවත බලය ලබා ගැනීම සඳහා තවත් ආකාරයකටත් බලන බව ද ජනපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම එම ප්‍රශ්නය විසඳීමට එක් මේසයකට ඇවිත් සාකච්ඡා කිරීමට ආරාධනා කරන බව පැවසූ ජනපතිවරයා 2004 වසරේදී සුනාමි සහන මණ්ඩල පනත තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට තමාව වටකරගෙන ඇතැම් පිරිස් 'හූ' කියූ බවත් ජනපතිවරයා සිය කතාවේදී සිහිපත් කළේය.

උතුරේ ගැටලුව විසදීමට සිටින හොඳම නායකයා ආර්. සම්බන්ධන් මහතා බව ද ජනපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad