සරසවි සිසුන් දෙදෙනා මියයාම: සැකකාර පොලිස් නිළධාරීන් යළි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

සරසවි සිසුන් දෙදෙනා මියයාම: සැකකාර පොලිස් නිළධාරීන් යළි රිමාන්ඩ්

සරසවි සිසුන් දෙදෙනා මියයාම: සැකකාර පොලිස් නිළධාරීන් යළි රිමාන්ඩ්
පසුගිය ඔක්තොම්බර් මස යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකටයුතු අනතුරකින් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරින් 05දෙනා ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.

ඒ සැකකරුවන් අද යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්තරන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රීයේ යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් කණ්ඩාම ඔවුන් නැවැත්වීමට උත්සාහ කර ඇති අතර බවත් එහෙත් ඔවුන් අණ නොතකා ගමන් කිරීම නිසා පොලිසිය වෙඩි තබා ඇති බවත් වාර්තා වේ.

නමුත් එලෙස වෙඩි තැබීම පිළිබදව අදාළ පොලිස් නිලධාරින් වාර්තා කර නොතිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad