පොලිස්පතිට බලපෑම් කළ 'ලොක්කා' හඳුනාගනී? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

පොලිස්පතිට බලපෑම් කළ 'ලොක්කා' හඳුනාගනී?

පොලිස්පතිට බලපෑම් කළ 'ලොක්කා' හඳුනාගනී?
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණු දුරකතන ඇමතුමට අනුව ඔහු 'සර්' යනුවෙන් ආමන්ත්‍රණය කළේ කාටද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව දැනගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ බොහෝදුරට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා විය හැකි බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. එය එසේ නොවේනම් සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසී ය. 

මතභේදයට තුඩු දුන් 'නිලමේවරයා' වංචා හා දූෂණ රැසකට සම්බන්ධ බවත් වත්මන් ආණ්ඩුවද දූෂිතයින් ආරක්ෂා කරන බවත් ආණ්ඩුවට නීතියේ සාධාරණත්වය ඉටුකළ නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad