අල්ලස් ගන්නා මාධ්‍යවේදීන් ගැන හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

අල්ලස් ගන්නා මාධ්‍යවේදීන් ගැන හෙළිදරව්වක්

අල්ලස් ගන්නා මාධ්‍යවේදීන් ගැන හෙළිදරව්වක්
විවිධ අවස්ථාවලදී මාධ්‍යවේදීන් අල්ලස් ගැනීම පිළිබඳව වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ අල්ලස් පනතට අනුව මෙයට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අල්ලස් කොමිසම සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.

එමෙන්ම ලබන වසරේ සිට ප්‍රාදේශීය මාධ්‍යවේදී තනතුර ඉවත් කර නිදහස් හා පූර්ණ කාලීනව මාධ්‍ය කටයුතුවල නියැලෙන්නන් සැමට ජනමාධ්‍යවේදී හැඳුනුම්පත් නිකුත් කරන බවද ඔහු පැවසීය. තවද මාධ්‍ය කලාව නියාමනයට විධිමත් ක්‍රමවේදයක් නොමැති බවත් මුද්‍රිත මාධය නියාමනය කිරීම සඳහා පුවත්පත් පැමිණිලි කොමිසම ප්‍රමාණවත් නොවන බවත් ඔහු කියාසිටියේය.

විද්‍යුත් මාධ්‍ය නියාමනයට කිසිදු යාන්ත්‍රණයක් නැති බැවින් ඊට ස්වාධීන මණ්ඩලයක් හරහා යම් නියාමන යාන්ත්‍රණයක් සකස් කරන බවද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ඒ සඳහා ජනමාධ්‍යවේදීන්ගෙන්ද අදහස් ලබා ගන්නා බවද ලබන වසරේ පළමු මාස 03 ඇතුළත එයට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගන්නා බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad