රණතුංගගේ උපන්දිනයට ගිය මැර මර්වින්ට මෛත්‍රී පිළ හූ…කියා පන්නයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

රණතුංගගේ උපන්දිනයට ගිය මැර මර්වින්ට මෛත්‍රී පිළ හූ…කියා පන්නයි…

අර්ජුන රණතුංගගේ උපන්දින සාදය සදහා ආරාධනාවකින් තොරව සහභාගි වු හිටපු මැර අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රීලනීපයේ මෛත්‍රී පිළේ කණ්ඩායම විසින් හූ කියා පන්නා ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඊයේ රාත්‍රීයේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති අර්ජුනගේ 53 වැනි උපන්දිනය සදහා ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති/ඇමැතිවරුන් මෙන්ම ව්‍යාපාරිකයන් පිරිසක්ද එක්ව සිටි අතර පාටිය ජයටම නැගලා යන අවස්ථාවේ හදිසියේම කිසිදු ආරාධනාවක් නොලද හිටපු මැර අමාත්‍ය මර්වින් සිල්වා එම අවස්ථාවට සහභාගි වි ඇති අතර පසුව එක් එක අය ලගට ගොස් පාටියට සෙට් වෙන්න මර්වින් සිල්වා උත්සහ දරා ඇති නමුත් කිසිවෙකුත් ඔහු සමග කතා කිරිමටත් කැමැත්ත පලකර නෑ…

පසුව වරාය නී.අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අසලට ගිය මර්වින් බලහත්කාරයෙන් කතාවට සම්බන්ධ වි ඇති අතර විනාඩි කිහිපයක කතාබහකින් පසුව නිශාන්තද මර්වින් මගහැර ගොස් ඇති අතර ශ්‍රීලනිපයේ ප්‍රබලයන් මර්වින්ට ඇසෙන පරිදිම ඔහුව විවේචනය කර ඇති අතර “මූ තමයි….මහින්ද මහත්තයාවත් නැතිකරේ …දැන් එනවා මෙතනත් රෙන්න….” යනුවෙන් ප්‍රසිද්ධියේ මර්වින් විවේචනය කර තිබේ.

පසුව අර්ජුන ලගට ගිය මර්වින් “මම ගිහින් එන්නම් මචං….” යනුවෙන් පවසමින් පස්සවත් නොබලා යන්න ගොස් තිබේ.ඒ සමගම හූ ..යනුවෙන් හඩවල් කිහිපයක් පාටියේ සංගීතයට සමාන්තරව ඇසුනු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මර්වින් මහින්ද පිළේන් කුජිත වු හැටි…

කොළඹ නගර ශාලාවේ පසුගිය (17 දා) පස්‌වරුවේ පැවති ඩී. ඒ. රාජපක්‌ෂ ගුණසමරු දේශනය ආරම්භ වීමට මොහොතකට පෙර එහි පැමිණි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා රාජපක්‌ෂ පිළිරුවට මල් කළඹක්‌ තබා උපහාර දැක්‌වීමට සූදානම් වූ අවස්‌ථාවේ රැස්‌ව සිටි පිරිස ඔහුට හූ තබමින් දැඩි විරෝධය එල්ල කළහ.

මර්වින් සිල්වා මහතා උත්සව ශාලාවේ ඉදිරිපිටට යමින් සිටියදී හිටපු ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා දැක ඔහු සමඟ කතා කිරීමට උත්සාහ කර ඇත. එහිදී ගීතාංජන ගුණවර්ධන මහතා මර්වින් සිල්වා මහතාට දැඩි වාග් ප්‍රහාරයක්‌ එල්ල කළේය.

“අද උදේත් රූපවාහිනි සාකච්ඡාවකදී රාජපක්‌ෂ පවුලට දැඩි ලෙස බැණ වැදී මෙහි කුමකට ආවා දැයි එහිදී ගීතාංජන ගුණවර්ධන මහතා මර්වින් සිල්වා මහතාගෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් මර්වින් සිල්වා මහතා තමන්ට මුලින්ම රැකියාව දුන්නේ ඩී. ඒ. රාජපක්‌ෂ මහතා බැවින් ඊට කෘතගුණ දක්‌වන්නට පැමිණි බව කියමින් ඉදිරියට ගියේය. 

පසුව මර්වින් සිල්වා මහතා මල් කළඹක්‌ ගෙන ඩී. ඒ. රාජපක්‌ෂ පිළිරුව අභියසට යැමට වේදිකාවට ගොඩවෙද්දී ශාලාවේ රැස්‌ව සිටි පිරිස “බල්ලා, බූරුවා, ගුණමකුවා උඹ මොකට මෙහේ ආවාද” කියමින් හඬ නඟා බැණ වදින්නට වූහ. ඒ සමඟම වේදිකාවෙන් බැස ආ මර්වින් සිල්වා මහතා ශාලාවේ සිටි පිරිසට විවිධ දේ කියමින් ඔහු සමඟ පැමිණි අයකු සමඟ කඩිනමින් පිටව ගියේය.


රණතුංගගේ උපන්දිනයට ගිය මැර මර්වින්ට මෛත්‍රී පිළ… by lnwtoday


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad