ට්‍රම්ප්ගෙ දෙවැනියා මෛත්‍රිපාලට කෝල් කරලා - එහේ ඇවිත් යන්න එන්නලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

ට්‍රම්ප්ගෙ දෙවැනියා මෛත්‍රිපාලට කෝල් කරලා - එහේ ඇවිත් යන්න එන්නලු

ට්‍රම්ප්ගෙ දෙවැනියා මෛත්‍රිපාලට කෝල් කරලා 
- එහේ ඇවිත් යන්න එන්නලු

පසුගියදා පැවති ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ලබන වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති තනතුර භාරගන්නට නියමිත


ඩිමොක්‍රටික් පක්ෂ නියෝජ්‍ය නායක මයික් පෙන්ස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අද (දෙසැ. 01) රාත්‍රී 8.45ට දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි වාර්තාවේ.

මින් ඉහත ජනපති මෛත්‍රිපාල සිරිසේන ට්‍රම්ප් සමග සුහදතාව වෙනුවෙන් යවන ලද ලිපියට ප්‍රතිචාර ලෙස මෙම  අැමතුම ලැබෙන්නට ඇතැයි සැලකේ.

මෙහිදී දෙරට අතර ප්‍රජාතන්ත්‍රීය සහ භූගෝලීය පසුබිමට අදාළ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබඳවද මුහුදු මාර්ග ආරක්ෂාව සහ ආපදා කළමනාකරණයට අදාළ කටයුතු පිළිබඳවද  අදහස් හුවමාරු වී  ඇති අතර මෛත්‍රිපාල සිරිසේන හා ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවක් ළඟදීම සුදානම් කිරීමට කටයුතු යොදන බවද මයික් පෙන්ස්  ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad