සෑම වෙළෙඳසැලකම තරාදි අනිවාර්ය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

සෑම වෙළෙඳසැලකම තරාදි අනිවාර්ය කරයි

සෑම වෙළෙඳසැලකම තරාදි අනිවාර්ය කරයි
ගෑස් සිලින්ඩර් ඇතුළු පාරිභෝගික ජනතාව එදිනෙදා මිලදී ගන්නා භාණ්ඩවල බර කිරා මැන බැලීමට සෑම වෙළෙඳසැලකම තරාදියක් තිබීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික ජනතාව එදිනෙදා මිලදී ගන්නා සහල්, පරිප්පු, තේ කොළ, ධාන්‍ය වර්ග, කිරිපිටි වර්ග සහ මස් මාළුවල නියමිත බර නැතැයි වාර්තාවන බවත් මේ නිසා ජනතාව ඉල්ලා සිටි බර නිවැරදිව තිබේද යන්න මැන බැලීම සඳහා තරාදියක් සෑම වෙළෙඳ සැලකම තිබිය යුතු බවත් එම අධිකාරිය පෙන්වා දෙයි.

මීට අමතරව ගෑස් සිලින්ඩරවල බර කිරා මැන බැලීම සඳහාද තරාදියක් තිබිය යුතු බවත්, බර කිරා බැලීමට පාරිභෝගිකයාට අයිතියක් තිබෙන බවත් එම අධිකාරිය පෙන්වා දෙයි. මේ පිළිබඳ සියලුම පැමිණිලි එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ 0117755481 - 5 දක්වා අංකවලින් සහ 0771088914 / 0771088707යන දුරකථන අංක ඔස්සේ බස්නාහිර පළාත් ජනතාවගේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

මීට අමතරව දකුණු පළාත තුළ සිදුවන ගැටලුවකදී  0771088903, උතුරු පළාතේ ගැටලු 0771088914, ඌව හා නැගෙනහිර පළාතේ ගැටලු 0771088895, උතුරු මැද පළාත් ගැටලු  0771088907, සබරගමු පළාත් ගැටලු 0771088904, වයඹ පළාත් ගැටලු 0771088902 සහමධ්‍යම පළාත් ගැටලු 0771088905 යන දුරකථන අංක මගින්ද ඉදිරිපත් කළ හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad