අම්බලන්ගොඩ එකම පවුලේ තිදෙනාගේ මරණ පරීක්ෂණයේදී හෙළි වූ දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 7, 2016

අම්බලන්ගොඩ එකම පවුලේ තිදෙනාගේ මරණ පරීක්ෂණයේදී හෙළි වූ දේ

අම්බලන්ගොඩ මාදම්පාගම - ඉඩම්තොට ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබු එකම පවුලේ තිදෙනාගේ මරණයට හේතුව මොලයට, හිස්කබලට සහ සිරුරේ අනිකුත් අවයවවලට වු බහුවිධ තුවාල බව පශ්චාත් මරණ පරික්ෂණනයේදී අනාවරණය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ බිරිදගේ හා සිව් හැවිරිදි කුඩා පුතුගේ මෘත දේහයන් පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද (07) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබීය. 

ඝාතනයට ලක්වූ තිදෙනාගේම සිරුරුවලට වෙඩි උණ්ඩ 20ක් පමණ වැදි ඇති බවත් ඉන් කුඩා දරුවාගේ හිසට හා උදරයට වෙඩි උණ්ඩ 04ක් පමණ ද ව්‍යාපාරිකයාගේ සිරුරට වෙඩි උණ්ඩ 10ක් පමණ ද ඔහුගේ බිරිඳගේ සිරුරට වෙඩි උණ්ඩ 05ක් පමණ ද වැදී ඇති බව එහිදී අනාවරණය වී ඇත.

තුවක්කුකරුවන් මුලින්ම මේ අයගේ හිසට වෙඩි තබා ඇති අතර පසුව සිරුරේ අනිකුත් ඉන්ද්‍රියන්වලට වෙඩි තබා ඇත. ඊට ටි56 ගිණි අවියකින් හා මිලිමිටර් 09 වර්ගයේ පිස්තොලයක් යොදගෙන ඇති බව පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ තිදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා හා සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඉෂාණි ප්‍රනාන්දු මහත්මිය විසින් සිදුකරනු ලැබීය. 

ගාල්ල - ලලිත් චාමින්ද

No comments:

Post a Comment

Post Bottom Ad