'ඉන්න තැන වැඩක් නෑ' - කුමාර් ගුණරත්නම් අරගලයට සූදානම්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

'ඉන්න තැන වැඩක් නෑ' - කුමාර් ගුණරත්නම් අරගලයට සූදානම් 

'ඉන්න තැන වැඩක් නෑ' - කුමාර් ගුණරත්නම් අරගලයට සූදානම් 
රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

තමා සිටින්නේ ලංකාවේද, වෙනත් විදේශ රටකද යන්න තම දේශපාලන ක්‍රියාකාරිත්වයට ගැටළුවක් නොවුණු බවත් එය බන්ධනාගාරය යන්නද මෙතෙක් ගැටළුවක් නොවුණු බවත් ඔහු පැවසී ය. සිය සිරදඬුවම් කාලය නිමකරමින් අද (02) අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස්වූ මොහොතේ මාධ්‍යවේදීන් හමුවේ මේබව පැවසීය.

විධිමත් ලෙස පුරවැසිභාවය ඉල්ලා සිටිනු ලැබුවහොත් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බවට පසුගියදා ඇතැම් බලධාරීන් විසින් කරනු ලැබූ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ගුණරත්නම් මහතා කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමට පෙර සිටම පුරවැසිභාවය ඉල්ලා විධිමත් අයදුම්පත් යොමු කළ බවයි.

මේ වන විට එවන් අයදුම්පත් ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකොට යළි විධිමත් අයදුම්පත් යොමුකරන ලෙස කීම හාස්‍යට කරුණක් බවත් ගුණරත්නම් මහතා පෙන්වා දුන්නේය.

ඉතාම පැහැදිලි ලෙස තමාගේ පාරම්පරික පුරවැසිභාවය වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කළ බවත්, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කරගත හැක්කේ මෙරට පුරවැසිභාවය ලැබීමෙන් පමණක් බවත් ඔහු සඳහන් කළේය. 

පැවති රජයත්, පත්වුණු රජයත් ඒවායේ නායකකාරකාදීනුත් තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර අනුව කටයුතු කිරීම හැරුණුවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට හෝ පුරවැසියෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමට කටයුතු නොකරන බව ගුණරත්නම් මහතා අවධාරණය කළේය.

එබැවින් තමාට විශ්වාසය ඇත්තේ රජය ගැන නොව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන තම පාක්ෂිකයින්, ප්‍රගිතිශීලි බලවේග, සිවිල් සංවිධාන, වාමහිතෛශි පුද්ගලයින් ගැන පමණක් බව හෙතෙම පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad