සංහිඳියාවේ නාළිකාව ජනවාරියේ සිට උතුරෙන් වැඩ අරඹයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

සංහිඳියාවේ නාළිකාව ජනවාරියේ සිට උතුරෙන් වැඩ අරඹයි 

සංහිඳියාවේ නාළිකාව ජනවාරියේ සිට උතුරෙන් වැඩ අරඹයි 
ජාතීන් අතර සංහිඳියාව ඇතිකරවීම පහසු කිරීම සඳහා රජය ලබන ජනවාරි මාසයේ සිට සංහිඳියාවේ නාළිකාව ලෙස රූපවාහිනී නාළිකාවක් ආරම්භ කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

එය ජාතික රූපවාහිනියේ තෙවැනි නාළිකාව ලෙස පවත්වාගෙන යන බව  අයවැය කාරක සභා අවස්ථාව යටතේ ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා, ආපදා කළමනකරණ අමාත්‍යාංශවලවැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් ඊයේ (01) පාර්ලිමේන්තුවේදී හෙතෙම කියා සිටියේය.

අදාළ නාළිකාව උතුරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති අතර, එය උතුර දකුණ යාකරන නාළිකාවක් ලෙස පවත්වාගෙන යෑමට නියමිතය. එමෙන්ම සංහිඳියාව කරා යනගමනේදී වෛරී ප්‍රකාශන වැළැක්වීම පිළිබඳ නීතියක් තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් නව නීති ගෙනඒමට නොහැකි නම් තිබෙන නීති බලාත්මක කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad