‘හෙට අනිද්දා මේ ජනතා විරෝධී මෛත්‍රී-රනිල් ප්රමුඛ ආණ්ඩුව ජනතාව විසින් එලවන කොට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය අරන් සම්මුති ආණ්ඩුවක් පිහිටුවීමට ගිය උදවියට ගෙදර යන්න වෙනවා. එයින් ගැලවීමට රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඒ යථාර්ථය අපි පිලිගත යුතුයි’ යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මාතරද පඹුරණ දී පැවති ජන හමුවක් අමතමින් පැවසීය.
ආණ්ඩුවක් බලයේ සිටිනවිට හුග දෙනෙකුට නොතේරෙන දේ තමයි ඒ ආණ්ඩුව පරදින දවස. ඒ නිසා රටේ ජනතාවගේ දැවෙන ප්‍රස්න විසදීම අමතක කොට තම දේශපාලන විරුද්ධවාදින්ගේන් පලිගැනීම ප්‍රමුඛතාවය තබා වැඩ කරනවා. ඒ අනුව තම විරුද්ධවාදි දේශපාලන නායකයින් පමණක් නොව මහින්ද යුගයේ රටේ සංවර්ධනයට ඇප කැප වූ රජයේ නිලධාරින්ට පවා අද හිර ගෙවල්වල ලගින්න සිදු වෙලා තියෙනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ රටේ පැවති යුද්ධය පමණක් ඉවරකරපු නායකයා පමණක් නෙවිල එතුමාට රටේ ජනතාවගේ දුප්පත්කම නැති කරන්න සැලස්මක් ඇතිව වැඩ කලාල එතුමා සැමවිටම ක්‍රියා කලේ සැමට සමාන සේ සැලකීමට වඩාල සැමට එක හා සමාන හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට අවශ්‍ය පරිසරයක් සියලු දෙනාටම හිමි කර දීමයි.
ඒ අනුව රටේ ජීවත්වන සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව රටේ ඕනම ස්ථානයක ජීවත්වීමට ඇති අයිතිය තහවරු කලාග ජාතිකත්වය හෝ වෙනත් කිසිම භේදයකින් තොරව තමන්ගේම ආර්ථිකය ගොඩ නඟාගෙන එය ශක්තිමත් කරගන්න අවස්ථාව උදා කලා.
රටේ ඒකීය භාවය මෙන්ම භෞමික අඛණ්ඩතාවය රැකගත්තා. ලෝකයේ ස්වාධීන රාජ්‍යක් ලෙස ලෝකයේ බලවත් රාජ්‍යන් ඉදිරියේ දනින් නොවැටී ශ්‍රීලංකාවේ අභිමානය ආරක්ෂා කර අපේ රට ලෝකයේ දියුණුම රාජ්‍යක් ලෙස ගොඩනැගීමේ කාර්යය ඉටු කරපු නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා.
ඒත් රටේ ජනතාව වෙනසක් වෙනුවෙන් ආණ්ඩුව වෙනස් කලා. ඒත් අද බලයේ සිටින ආණ්ඩුව ජනතාව ඒ වෙනස මගින් බලාපොරොත්තු වූ කිසි දෙයක් ජනතාවට ලබාදීමට අපොහොසත් වී තියෙනවා. කරපු එකම දෙය අපේ මව්බිමට නිදහස ලබාදුන් නායකයා ඇතුළු පිරිසගෙන් පලි ගැනිම බව හිටපු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
Friday, December 2, 2016

ආණ්ඩු පෙරලිය එනවා.. එජාප-ශ්‍රීලනිප ඇමතිවරුත් තොගයක් ගෙදර..
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment