මැතිව්ස්, චන්දිමාල් දකුණු අප්‍රිකානු සංචාරයට සූදානමින්

දකුණු අප්‍රිකානු සංචාරය සදහා තමන් කායික යෝග්‍යතාවයකින් යුක්ත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කර තිබේ.

ඔවුන් දෙදෙනාම පසුගිය සිම්බාබ්වේ චාරිකාව සදහා සහභාගි නොවූයේ කායික ආබාධවලට ලක්වීම හේතුවෙනි. ඒ අනුව, එම සංචාරයේදී ටෙස්ට් කණ්ඩායම රංගන හේරත් විසින් මෙහෙයවූ අතර එක්දින කණ්ඩායම මෙහෙයවනු ලැබූයේ උපුල් තරංග විසිනි.

ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු චාරිකාව මේ මස මැදභාගයේදී ආරම්භ වීමට නියමිතය. පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා එනම් බොක්සිං දිනයේ, පෝට් - එලිසබෙත් හි දී ආරම්භ වේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment