සංගා වෙනුවෙන් රටවල් දෙකක් මුද්දර නිකුත් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

සංගා වෙනුවෙන් රටවල් දෙකක් මුද්දර නිකුත් කරලා

සොලමන් දූපත් හා ගිනි බිසව් රාජ්‍යයන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරගේ ( Kumar Sangakkara ) රුව ඇතුළත් මුද්දරයක් නිකුත් කරමින් ඔහුට ගෞරවය දක්වා තිබේ.

මෙම රටවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මෙවැනි ගෞරවාදයකට පාත්‍රවී ඇත්තේ ප්‍රථම වරටය. එහෙත් මෙම මුද්දර නිකුත් කර ඇත්තේ 2012 (ගිනි බිසව් රාජ්‍යය) හා 2013 (සොලමන් දූපත්) යන වසරවලදීය.

සොලමන් දූපත් නිකුත් කර ඇති මුද්දරවල කුමාර සංගක්කාරට අමතරව ඉන්දියාවේ විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි හා දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් යන ක්‍රීඩකයන්ටද මුද්දර නිකුත් කර තිබේ.

සොලමන් දූපත් ඩොලර් 07ක වටිනාකමකින් යුක්තව මෙම මුද්දර නිකුත් කර තිබේ. මීට අමතරව ගිනි බිසව් රාජ්‍යය සංගක්කාර වෙනුවෙන් නිකුත් කළ මුද්දරය පෙසෝ 3,000ක වටිනාකමකින් යුක්තය.


 

No comments:

Post a Comment

Post Bottom Ad