රැහේ එවුන්ට අම්මට සිරි වෙන්න සලකයි…ජාතිවාදීයා කිය කියා අපිට බැන්න හරින්ගේ පක්කලි වැඩ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

රැහේ එවුන්ට අම්මට සිරි වෙන්න සලකයි…ජාතිවාදීයා කිය කියා අපිට බැන්න හරින්ගේ පක්කලි වැඩ මෙන්න

දුන් පොරොන්දු සියල්ල බොරු කරමින් යන යහපාලන ආණ්ඩුව නොමිලේ ලබා දුන් ටැබ් පරිගණකවලට මුදල් ගෙවීමට පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට සිදුව තිබේන බව වාර්තා වේ.

ඩිජිටල් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති උත්සවයක දී කතානායක කරු ජයසූරිය මහතාගේ අතින් මාධ්‍යවේදීන් හැට දෙනකුට ටැබ් පරිගණක පිරිනැමිණි. මාධ්‍යවේදීන්ට නොමිලේ ටැබ් දුන්නා යැයි හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා මාස 6ක් ගෙවෙන්නටත් පෙර ටැබ් ගත් මාධ්‍යවේදීන් අමතා ඇති මොබිටෙල් ආයතනය ටැබ් සඳහා මුදල් ගෙවන ලෙස දැනුම් දී ඇත.

එම ටැබ් පරිගණක සඳහා රුපියල් 1700 බැගින් වාරික ගෙවීමට මාධ්‍යවේදීන්ට සිදුව ඇති අතර ගෙවිය යුතු මුළු මුදල කොතෙක්දැයි දැනුම් දී නැත. නමුත් ටැබ් පරිගණක ලබා දීමේ දී මුදල් ගෙවිය යුතු බවක් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දී නැති අතර යහපාලන රජයෙන් නොමිලේ ටැබ් යන්ත්‍ර දුන් බවට මාධ්‍ය වාර්තා ද පළ කෙරිණි.

ආණ්ඩුවෙන් නොමිලේ ටැබ් පරිගණක ගත් මාධ්‍යවේදීන් මේ දිනවල හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා නිතර මතක් කරමින් සිටින අතර ඉදිරි දිනක දී එම පරිගණක සියල්ල ආපසු භාර දීමට සූදානම් බවත් වාර්තා වේ. මාධ්‍යවේදීන් යනු තමන්ගේ රැහේ එවුන් බව කියමින් ජනාධීපතිවරයා කිඹුල් කඳුළු හෙලමින් සිටියදීම ඔහු නායකත්වය දරන ආණ්ඩුව නොමිලේ දුන් ටැබ්වලටත් මුදල් ඉල්ලන තත්ත්වයට පත්ව සිටීම ගැන මාධ්‍යවේදීහු කණස්සල්ල පළ කරති.

ඊයා නිවුස් සදරුවන් ගැන හරින් කිඹුල් කදුලු හලමින් අපිට ජාතිවාදි ලේබලය ඇලවු හැටි..

“මහින්ද රාජපක්ෂ නැති කරපු ඊ නිව්ස් එකට මහින්ද රාජපක්ෂවත් නොකරපු දේ අපේ ආණ්ඩුව කරපු එක ගැන මට ලැජ්ජයි ඇත්තටම. මහින්ද රාජපක්ෂටත් ඕන නම් තිබුනා සඳරුවන්ට ඕක කරන්න. ඒත් මහින්දවත් ඔහොම කරේ නෑ. ඊ නිව්ස් වගේම නම තියෙන තව මඩ වෙබ් එකක් තියෙනවා. ඊ නිව්ස් කවදාවත් ජාතිවාදය ආගම් වාදය ඇවිස්සුවේ නැති වුනාට ඒ මඩ වෙබ් එක ඒක කරනවා. ඒවායි එවුන්ටත් එහෙනම් ඔහොම කරන්න එපැයි.” හරින් මහත්තයෝ අපී ඊයා නිවුස් වගේ මඩ ගහන්නේ නෑ..සල්ලි වලට ලියන් සියල්ලම ඇත්ත…අන්න එක මතක තියා ගන්න


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad