පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
පුත්තලම දුම්රිය මාර්ගයේ මීගමුව - ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් පිරිසක් විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ත්‍රිරෝද රථ රියදුරන් විසින් මෙම විරෝධතාව පවත්වන බව වාර්තා වේ. මේ අතර දුම්රිය මාර්ග නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ කටුනායක සහ කුරන දුම්රිය ස්ථාන අතර ද්විත්ව දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම මස 04දා පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රියන් 03 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ අනුව එදින පෙ.ව. 4.00 ට කොළඹ කොටුවෙන් නූර්නගර් දුම්රිය ස්ථානය බලා ධාවනය වන අංක 3404 දරන දුම්රියද, පෙ.ව. 9.50 ට නූර්නගර් දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 3817 දරන දුම්රිය සහ පෙ.ව. 3.50 ට හලාවත දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය බලා ධාවනය වන අංක 3800 දරන දුම්රිය යන දුම්රියන් අවලංගු කිරීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව එදින පෙ.ව. 4.50 ට හලාවත දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය බලා ධාවනය වන අංක 3803 දරන දුම්රියෙහි  පමණක් ධාවන වේලාව සංශෝධනය වන අතර, ඒ අනුව එම දුම්රිය එදින පෙ.ව. 5.40 ට හලාවත දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ධාවනය වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad