පළාත් පාලන මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුව වටලයි.. පුංචි ඡන්දය ඉල්ලා මාරාන්තික උපවාසයක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

පළාත් පාලන මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුව වටලයි.. පුංචි ඡන්දය ඉල්ලා මාරාන්තික උපවාසයක්…

පලාත් පාලන මැතිවරණය ලබා දෙන ලෙස ඉල්ලා 03 වන සෙනසුරාදා පාර්ලිමේන්තුව වට කරන බවත්, ඉන් අනතුරුව මැතිවරණය ලබා ගැනීම වෙනුවෙන් මාරාන්තික උපවාසයක් අරබන බවත්, පලාත් පාලන මන්තී‍්‍ර සංසදය අවධාරණය කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව මැතිවරණය කල් දමන්නේ මැතිවරණවලට ඇති බිය නිසා බවයි.

අද (01) උඩුගම්පල ඒකාබද්ධ විපක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පලාත් පාලන මන්තී‍්‍ර සංසදයේ මාධ්‍ය සම්බන්ධීකාරක පි‍්‍රයන්ත පුෂ්ප කුමාර මහතා මේ බව සදහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුෂ්පකුමාර මහතා මෙසේද කීවේය.

මේ මාසෙ 15 වෙනිදා වෙනකොට සීමානීර්ණය කිරීමේ කොමිෂන් සභාවේ සභාපති කියනවා ඔහුගේ වාර්ථාව භාර දෙනවයි කියලා. නමුත් අපිට තියෙන තොරතුරුවල හැටියට ආණ්ඩුව සූදානම් වෙන්නේ මේ මැතිවරණය නැවත කල් දමන්නයි. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ උල්ලංගණය කිරීමක්. ලබන සෙනසුරාදා(03) පාර්ලිමේන්තුවේ අය-වැය විවාදයේදී පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය පිලිබද වැය ශීර්ෂය විවාදයට ගැනෙනවා. 


එදාට අපි පාර්ලිමේන්තුව වටලලා උද්ඝෝෂනයක් කරන්න සූදානම්. ඒ අපිට මැතිවරණයක් ඉල්ලලා. ආණ්ඩුව යහපත් ප‍්‍රතිචාර දක්වන්නේ නැත්නම් මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අපි අඛණ්ඩ සත්‍යග‍්‍රහයකුත් ඒත් ප‍්‍රතිචාර නැතිනම් මාරාන්තික උපවාසයක් කරන්නත් ලෑස්තියි.

මේ ආණ්ඩුව දවසින් දවස ජනතාව අතර අප‍්‍රසාදයට ලක් වෙනවා. ඒක දන්න නිසා තමයි ආණ්ඩුව පුංචි ඡුන්දය කල් දාන්නේ අද ගමක වැඩක් කෙරෙන්නේ නෑ. මහින්ද මහත්තයාගේ අලූත් පක්‍ෂය ඊලග පුංචි ඡුන්දය දිනන එක වලක්වන්න සක්කරයටවත් බෑ.

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.

උපි ආරාධනා කරනවා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූ දෙනාට 03 වෙනිදා උදෑසන 9.00ට පාර්ලිමේන්තු වටරවුම අසලට එන්න කියලා. අද ගමේ ජනතාව මැතිවරණයක් එනකම් බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න. කියන තරමක් බොරු කියලා, කරන තරමක් හොරවැඩ කරන මේ ආණ්ඩුව ගෙදර යවන්නයි ජනතාව බලාගෙන ඉන්නේ. මහින්ද මහත්තයාගේ අලූත් පක්‍ෂයෙන් අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා සියලූ පලාත් පාලන ආයතන වල ජයග‍්‍රහණය හිමිකර ගන්නවා. මේ වෙනකොට අලූත් පක්‍ෂයට එකතුවෙන ජන ගග දැකලා ආණ්ඩුවේ ලොක්කෝ බයේ වෙව්ලන්න පටන් අරගෙනයි තියෙන්නේ.

බියගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා.

අද අපේ රටේ ජනතාවට කණකර උගස් තියලා බදු ගෙවන්නයි වෙලා තියෙන්නේ. ප‍්‍රාදේශීය සභා නගර සභා අද නිළධාරීවාදයට යට වෙලා. මේ ආණ්ඩුවට  ඕන වුනෙත් ඒකයි. ගමේ අපේ පක්‍ෂයේ බලය විනාශ කරලා එක්සත් ජාතික පක්‍ෂයට ජයග‍්‍රහණය අරන් දෙන්නයි මේ අය සූදානම් වෙන්නේ. අපි ඒකට ලෑස්ති නෑ. මැතිවරණය ඉල්ලලා අපි පාරට බහින්නේ ඒ නිසයි.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රනී දර්ශිකා ගුණසේකර මහත්මිය.

අද ජනතාවට දරාගන්න බැරි තරම් ජීවන වියදම ඉහළ ගිහින්. ගෙවල්වල දරු පැටව් හාමතේ. බඩුමිල අඩුකරනවයි කියලා බලයට ආපු ආණ්ඩුව අද බඩුමිලගැන කතාකරන්නේ නෑ. දැන් හාල් කිලෝ එකක් කීයද . දවස් දෙක තුනකට කලින් හාල් කිලෝ එකක් රුපියල් 90ක් වුනා. ආණ්ඩුවේ නායකයෝ ජනතාවගේ දුක දන්නේ නෑ. ඔවුන්ට  ඕනෑ තමන්ගේ මඩිය තරකරගන්න විතරයි. ඒ නිසා මේ ¥ෂිත ආණ්ඩුව ගෙදර යවන්න කාන්තාවෝ විදියට අපි පෙරමුණ ගත යුතුයි. 03 වෙනිදාට පාර්ලිමේන්තුව වටලන්න මේ රටේ සියලූ කාන්තාවන්ට අපි ආරාධනා කරනවා.

දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා.

මේ වෙනකොට ලංකාවේ පලාත් පාලන මන්තී‍්‍රවරුන්ගෙන් 2100ට අධික පිරිසක් අලූත් පක්‍ෂයේ සාමාජිකත්වය අරගෙන තිබෙනවා. අපිට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් නායකත්වය ගැන කිසිම විශ්වාසයක් නෑ. අපිට විතරක් නෙමෙයි ගමේ අපේ පාක්‍ෂිකයන්ටත් කිසිම විශ්වාසයක් නෑ. අපේ පක්‍ෂයේ නායකයන්ට ගමේ පාක්‍ෂිකයන්ගේ විශ්වාසය දිනා ගන්න උවමනාවක් තියෙන බව පේන්නෙත් නෑ. ඒ නිසා අපිට ඒ පක්‍ෂයෙන් වැඩක් නෑ. මහින්ද මහත්තයා ඉන්නේ කොතනද අපි ඔහු සමගයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad