ඇමරිකාවේ බකිංහැම් මාලිගාවේන් රන් අශ්වයෝ ගෙනා සිරිසේනගේ තූප්පහි විදේශ ප්‍රතිපත්තිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

ඇමරිකාවේ බකිංහැම් මාලිගාවේන් රන් අශ්වයෝ ගෙනා සිරිසේනගේ තූප්පහි විදේශ ප්‍රතිපත්තිය

“මහින්ද රාජපක්ෂ යුගයේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ලංකාවකොන් වෙලාසිටියේ.  නමුත් අපේ දූරදර්ශි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ජාත්‍යන්තරය දිනා ගත්තා.  සමස්ත ලෝකයම අත්වැල් බැඳගෙන අපට උදව් කරනවා“.  මේක ආණ්ඩුවේ නායකයින් නිතර කියන කතාවක්. ජාත්‍යන්තරය දිනා ගත් බව පෙන්වීමට උදාහරණත් ගේනවා.  

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දියානු අගමැතිගේ ලංකාවේ සංචාර, එක්සත් රාජධානියේ රැජින ජනපතිට අත්වැසුම් ගලවා අතට අත දීම වගේම අගමැතිට ලෝක ආර්ථික සමුළුවට ඇරයුම් ලැබීම මෙසේ පෙන්වන නිදසුන් අතර තිබෙනවා.  මේ සියල්ලම ඇත්තයි.  

නමුත් විවාදිත කරුණ වන්නේ එම කරුණු වලින් රටට ප්‍රතිලාභයක් ලැබුණි ද යන්නයි.  ඇත්තටම මොකද වුණේ?  ජාත්‍යන්තරය දිනා ගත්තා කියන එක මැන ගන්න ක්‍රමයක් තිබෙනවා ද?  ඔව්.

ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගෙන නම්, 
  • ජාත්‍යන්තර සමුළුවක ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවක දී ලංකාවට අනෙකුත් රටවල සහය ලැබිය යුතුයි.
  • ලංකාවට ලබා දෙන රැකියා අවස්ථා ඉහළ ගොස් විදේශ සේවා නියුක්තිය ඉහළ ගොස් තිබිය යුතුයි.
  • අපේ රටින් වැඩි වැඩියෙන් භාණ්ඩ මිළ දී ගෙන අපනයන ආදායම ඉහළ යා යුතුයි.
  • අපේ රටේ විදේශිකයින් කරන සෘජු සහ වක්‍ර ආයෝජන ඉහළ යා යුතුයි.
  • අපේ රටට විදේශ රටවල් ලබා දෙන තෑගි නැතිනම් ප්‍රදාන ඉහළ යා යුතුයි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ දී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට ලංකාවම සම අනුග්‍රාහක වුණු නිසා ලංකාවට එරෙහිව එන යෝජනාවක දී ජාත්‍යන්තර ප්‍රජාව ලංකාව රැකීමට ඉදිරිපත් වෙනවා ද නැද්ද කියන එක මැන ගන්න බැරි වුණා.  ලෝකයේ කිසිම රටක් නොකරන වැඩක් එදා ලංකාව කලේ.  තමන්ට එරෙහිව ගෙනෙන යෝජනාවකට තමන්ම සම අනුග්‍රහය දැක්වීමක් ඉතිහාසයේ වාර්තා වෙන්නේ නෑ.

ඒ නිර්ණායකය පරික්ෂාවට ලක් නොවුණු නිසා අපි දැන් අනිත් නිර්නායක සම්බන්ධයෙන් ජනපති රාජපක්ෂ යුගයේ 2014 සහ ජනපති සිරිසේන යුගයේ 2015 සමග සන්සන්දනය කරමු. 2013 දී ඩොලර්  මිලියන 10,394ක් තිබී 2014 දී ඩොලර් මිලියන 11,130 ඉහළ ගිය අපනයන 2015 දී 10,505 දක්වා පහත වැටෙනවා.  ඒ කියන්නේ ලෝකය දිනූ ආණ්ඩුවට ලෝකයම තරහ කරගත් ආණ්ඩුව තරම් වත් අපේ භාණ්ඩ විකුණා ගන්න බැරි වෙලා.

ජාත්‍යන්තර ප්‍රජාව අපට මිත්‍රශීලී වූ විට එම රටවල ශ්‍රම වෙළඳපොල අපට විවෘත කර ගැනීමට හැකි වීම අපට තිබෙන තවත් වාසියක්.  ලොවම දිනූ ආණ්ඩුව එම රටවල රැකියා අවස්ථා අපට කොපමණ ගෙනාවා දැයි අපි දැන් විමසමු.  2013 දී 293,218ක් ද 2014 දී 300,703ක් ද වූ නව විදේශීය රැකියා ගණන 2015 දී 263,307ක් දක්වා පහත වැටිලා.  එය 2010න් පසු වාර්තා වුණුඅඩුම විදේශීය රැකියා ගණනයි.

මිත්‍රශීලි විදේශීය සබඳතා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට උපකාරි විය යුතුයි.  නමුත් අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් තබා අගමැතිතුමාට භාර දුන් මහ බැංකු වාර්තාව පෙන්වන්නේ ඊට ඉඳුරාම වෙනස් දර්ශකයන්.  2014 දී ඩොලර් මිලියන 894ක් වූ සෘජු විදේශ ආයෝජන 2015 දී 681ක් වෙලා. 

රාජපක්ෂවරු කොමිස් ඉල්ලන බැවින් ලංකාවේ ආයෝජනය කිරීමට අකැමැති විදේශීය ආයෝජකයෝ එජාප ආණ්ඩුවක් එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින බවට එජාප නායකයින් විසින් විපක්ෂයේ සිටි සමයේ කළ ප්‍රකාශ දැන් පුස්සක් බවට පෙරලිලා. කොටස් වෙළඳපොල සම්බන්ධ දර්ශක ද මීට දෙවැනි වෙන්නේ නෑ.  2014 දී ලංකාවේ කොටස් වෙළඳපොලට රුපියල් බිලියන 22ක විදේශීය ආයෝජනයක් ගලා ආ නමුත් 2015 දී බිලියන 4.4ක ආයෝජනයක් කොටස් වෙළඳපොලෙන් ඉවත් කර ගත්තා.  

දැන් මූල්‍ය වෙලඳපොලේ සිටි විදේශීය ආයෝජකයෝත් බුරුතු පිටින් ඉවත් වෙනවා. යම් ආණ්ඩුවකට තවත් රටක ආණ්ඩුවක් දක්වන මිත්‍රශීලි ආකල්පය මැන ගත හැකි හොඳම දර්ශකය වන්නේ එම ආණ්ඩුවට වෙනත් ආණ්ඩු වලින් ලැබෙන තෑගි හෙවත් ප්‍රදානයන්.ඒ අතින් වත්මන් ආණ්ඩුව සිටින්නේ ළිං පතුලේ.  2010 දී රුපියල් බිලියන 30ක් වූ ප්‍රදාන 2014 වන විට බිලියන 10.6ක් පහත වැටී තිබිණි.  එයට හේතුව ලෙස රාජපක්ෂ ආණ්ඩුව දැක්වූයේ ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් වී ඇති බැවින් ප්‍රදාන සඳහා සුදුසුකම් නොලබන බවයි.  

නමුත් විපක්ෂයේ සිටි එජාපය කීවේ ලංකාවට ලැබෙන ප්‍රදාන අඩු වූයේ ආණ්ඩුව විසින් ධනවත් යුරෝපය සමග සබඳතා පළුදු කර ගත් හෙයින් බවයි.  නමුත් වත්මන් ආණ්ඩුව සිය පළමු වසර තුල ප්‍රදාන ලැබීම බිලියන 5.3 දක්වා පහත වැටී තමන්ට මිතුරන් සිටියත් ඔවුන් උදව් නොකරන මිතුරන් බව පෙන්වා තිබෙනවා.

අපනයන, විදේශ රැකියා, විදේශ ආයෝජන සහ විදේශ ප්‍රදාන යන නිර්ණායක හතරමබරපතල ලෙස ඇදගෙන වැටිලා.  මේ සංඛ්‍යා ලේඛණ පෙන්වන තිත්ත ඇත්ත මොකද්ද?  එංගලන්තයේ රැජින මේස් ගලවලා අතට අත දෙද්දී ජනාධිපතිතුමාට දැනුනු සනීපය රටට ජනතාවට දැනිලා නැති බවයි.

වත්මන් ආණ්ඩුවේ නායකයින්ගේ විදේශ සංචාරයන්හි අඩුවක් නෑ.  ජනපතිට අගමැතිට වගේම විදේශ ඇමතිට වැඩි වැඩියෙන් විදේශ සංචාර සඳහා මුදල් වෙන් කර තිබෙනවා.  ඒ වගේම මෙරට පැමිණ ඉහළම ආගන්තුක සත්කාර විඳින විදේශීය නායකයින්ගේ ද අඩුවක් නෑ.  නමුත් අපනයන, ආයෝජන, විදේශ රැකියා සහ ප්‍රදාන යන ක්ෂේත්‍ර හතරේමදක්නට ලැබෙන්නේ කඩා වැටීමක්.  

එයින් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුවේ මිතුරන් සිටින්නේ අතට අත දී බදාගෙනකේක් කා වයින් පානය කර “යහපාලනය ෂෝක්“ යැයි ප්‍රකාශ කිරීමට මිස අපට උදව් කිරීමට නොවන බවයි.  බුදු දහමේ මේ මිතුරන් හඳුන්වා තිබෙන්නේ වචී පරම කියන නමින්.  එවැනි විදේශමිතුරන් ආශිර්වාදයක් නොව බරක්.  මේකට අපි කියන්නේ dining and wining diplomacy.  නැතිනම් කෑමට සහ බීමට පමණක් සීමා වුණු ජාත්‍යන්තර සබඳතා.  ඇයි අපට මෙහෙම වුණේ?

පසුගිය ආණ්ඩුව ඉතාම නිවැරදිව තමන්ගේ සැබෑ මිතුරන් හඳුනා ගෙන තිබුණා.  ඒ වගේම ලෝක ප්‍රවණතා හඳුනා ගෙන තිබුණා.  ඒ නිසා තමයි ආසියාවට සමීප වුණේ.  තුන්වන ලෝකයට සමීප වුණේ.  මේ ආසියාවේ සියවස.  යුරෝපා ආධිපත්‍ය ඉතිහාසයට එක් කරන සියවස.  ඇමෙරිකාව ඇද ගෙන වැටෙන සියවස.  රුසියාව, චීනය, ඉන්දියාව සමග ආසියාව බබලන සියවස.  බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව සමග තුන් වන ලෝකය අළු ගසා නැගිටින සියවස. 

කොටියාගෙන් තෑගි ලැබුණු බටහිර කන්නාඩියෙන් ලෝකය බලන මේ ආණ්ඩුවට නව ලෝක ප්‍රවණතා පේන්නේ නෑ.  This government fails to read international trends and to adjust itself to present situation.  ලෝකය දකින්නේ සීඑන්එන් බීබීසී වැනි බටහිර මාධ්‍ය හරහා නම් මේ ආණ්ඩුවට අබ සරණයි. මේ ආණ්ඩුවේ නියෝජිතයෝ බ්‍රිතාන්‍ය ජනතාවට යුරෝපීය සංගමයේ රැඳී ඉන්න කියන්න ජනමත විචාරණය පැවැත්වුණු සමයේ එංගලන්තයේ ප්‍රචාරක කටයුතු වලට ගියා.  

මෙතුමන්ලාවිවෘතවම බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග පෙනී සිටියේ ආණ්ඩුව ජයග්‍රහණය කරාවි කියන විශ්වාසයෙන්.  මොකද වුණේ? ආණ්ඩුව පරාදයි.  ඊ ලඟට ජනාධිපතිතුමා ප්‍රසිද්ධ වේදිකාවක ඇමෙරිකානු ජනාධිපතිවරණය පිලිබඳ ප්‍රකාශයක් කළා.  එක්සත් රාජධානියේ ජර්මනියේ වගේ ඇමෙරිකාවේත් අම්මා කෙනෙකු අතින් පාලනය වීමට යෑම පිලිබඳ සතුටු වෙනවා කියලා.  මොකද වුණේ?  

ජනපති සිරිසේන සඳහන් කළ ආදරණීය අම්මා හිලරි ක්ලින්ටන් පරාදයි.  පැරදුනාට පස්සෙත් විදේශ ඇමතිතුමා 2016.11.15 ඩේලි මිරර් පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවක දී කියනවා එතුමා මම කියවන්නම් ඒ කොටස.
ඔන්න ආණ්ඩුව සහය දැක්වූ අයට අත්වුණු ඉරණම.  ආණ්ඩුවට දේශපාලන ඉවක් නෑ කියන එක මේ කාරණා වලින් පැහැදිලියි.  දැන් අපි අපේ සැබෑ මිතුරන් දෙසට හැරෙමු.  කියුබාව අපේ සෑම දුෂ්කර මොහොතකමඅපෙත් සමග සිිටි අපේ සැබෑම මිතුරෙක්.  

නූතන කියුබාවේ නිර්මාතෘ ලෝක දේශපාලනයේ දැවැන්තයෙකු වන ෆිදෙල්කැස්ත්‍රො මැතිතුමා පසුගිය සතියේ දිවංගතවුණා.  එතුමාගේ අභාවය පිලිබඳ අපේ රටේ පමණක් නොවේ ලෝකය පුරාම දුක් වෙනවා.ජනාධිපති වගේම අගමැතිත් මේ පිලිබඳ ශෝක ප්‍රකාශ නිකුත් කලා.  ජනාධිපතිතුමා උදෑසනම ගිහින් ශෝක පොතේ අත්සන් තැබුවා.  නමුත් විදේශ අමාත්‍යාංශයවත් විදේශ ඇමතිතුමාවත් ශෝකය පල කර ප්‍රකාශයක් නිකුත් කරනවා අපි දැක්කේ නෑ. 

අවම වශයෙන් ශෝක පොතේ සමරු සටහනක් තබනවා අපි දැක්කේ නෑ. විදේශ ඇමතිතුමා කියුබාව සමග පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිලිබඳ දන්නේ නැද්ද? මේ රටේ ජනතාවගේ මතය නියෝජනය කරන්නේ නැද්ද?  ජනතාව කමක් නෑ කියමුකො.  අඩුම ගණනේ මේ ආණ්ඩුවේ පක්ෂ දෙකේ මතය නියෝජනය කරන්න එපායැ.  

ෆිදෙල්කැස්ත්‍රො කියන්නේ ශ්‍රිලනිප හිටපු නායිකා සිරිමාවෝ මැතිණියගේ වගේම එජාප හිටපු නායක ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේත් සමීප මිතුරෙක්.  අවම ගණනේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ මතයවත් විදේශ ඇමතිතුමා නියෝජනය කරන්නේ නැද්ද? ඇමෙරිකාව රිදවීම සම්බන්ධයෙන් ඔබතුමාට ජනපති කැස්ත්‍රෝ සමග තරහක් ඇති.

ඔබතුමාගේ පෞද්ගලික මතය අපට වැඩක් නෑ.  ඔබතුමා විදේශ ඇමති විධියට මේ රටේ ජනතාව අඩුම ගණනේ මේ රටේ ආණ්ඩුව නියෝජනය කරන්න ඕනෑ. ඒ වගේම ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීම ඉවත දමන මෙන් ඇමෙරිකාවේ අනාගත ජනාධිපති ඩොනල්ඩ්ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින බව ජනපති සිරිසේන කියනවා.  ඒ පිලිබඳ විශේෂ පණිවිඩයක් යැව්වාලු.  

නමුත් ඇමෙරිකාව ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවේ සම අනුග්‍රාහක කවුද?  සිරිසේන ජනපතිතුමා නායකත්වය දරණ ලංකාව.  එදා ඇමෙරිකාව යුද අපරාධ චෝදනා නගමින් ලංකාවට එරෙහිව යෝජනා ගෙනෙන විට “ඒක සැබැයි ඒක සැබැයි“ කියලා ලංකාවම සම අනුග්‍රාහක වුණා.  වෙන ආණ්ඩුවක් එහෙම නොවේ.  ජනපති සිරිසේනගේ ආණ්ඩුව.  ඉතින් දැන් ඔය නගන යුද අපරාධ චෝදනා අසාධාරණයි ඒක ඉවත් කර ගන්න කියන්නේ කොහොමද?  

ජනපති මහින්දට නම් ඒ ඉල්ලීම කරන්න පුළුවන්.  සෑම යෝජනාවකටම විරුද්ධව සටන් කලා මිස ඒවා පිලි ගන්න ගියේ නෑ. අවසාන වශයෙන් ලෝක නව ප්‍රවණතා තේරුම් ගැනීමටත් සැබෑ මිතුරන් හඳුනා ගැනීමටත් විදේශ ඇමතිතුමාට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

2016 11 30 විදේශ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව

සිරිසේන කී පාහර කතා අහන්න ……..
බයියන්,ටොයියන් වි ගැහැණුන් නමන නැමිල්ල


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad