අහම්බයකින් විශ්මිත සොයා ගැනීමක් – වසර 400ක් පමණ චාර්ජ් කළ හැකි ‘බැටරියක්‘ සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

අහම්බයකින් විශ්මිත සොයා ගැනීමක් – වසර 400ක් පමණ චාර්ජ් කළ හැකි ‘බැටරියක්‘ සොයා ගැනේ

උතුරු කැලිෆෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් අවුරුදු 400ක් පමණ භාවිත කළ හැකි බැටරියක් සොයාගෙන තිබේ. මෙය අහම්බයකින් සිදු වූ සොයාගැනීමක් බව ඔවුන් පවසයි.

ඒ දැන් පවතින බැටරි වලට වඩා තත්වයෙන් ඉහළ ‘නැනොවයර්ස් බැටරියක්‘ නිපදවීම සඳහා කළ පරීක්ෂණයකදියි. මාස 3ක් පමණ කළ මෙම පරීක්ෂණයේදී ඔවුන් අණාවරනය කරගෙන ඇත්තේ අරෝපණ වාර ලක්ෂ 2ක් පමණ (charge cycles) කළද බැටරියේ ක්‍රියාකාරිත්වය ක්ෂය නොවී කිසිදු ආකාරයකින් වෙනස් නොවූ බවය.

සාමාන්‍යයෙන් බැටරියක් ආරෝපණ වාර 6000 – 7000 පමණ පසු කරද්දි ක්‍රියාකාරීත්වය අඩුවී ක්ෂය වීමට පටන් ගන්නා බව ඔවුන් පවසයි. මෙම බැටරියෙන් දුරකථන හා ලැප්ටෝප් වසර 400 පමණ බලගැන්විය කළ හැකි බව විද්‍යාඥයෝ පවසයි.

කෙසේ වෙතත් මෙම සංයෝගය සඳහා ‘රත්තරංද‘ යොදගෙන ඇති බැවින් මෙම බැටරිය වෙළඳපොළට නිකුත් කිරීම පිලිබද ගැටලුවක් ඇතිව තිබේ. වෙනත් සංයෝජනයක් යොදා මෙය වෙළඳපළට නිකුත් කළ හැකි මට්ටමට ගෙන ඒම විද්‍යාඥයින්ගේ අපේක්ෂාව වී තිබේ.

සිය මෙම පරීක්ෂණය අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති කරන බව ඔවුන්  අවසාන වශයෙන් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad