අද (01) මධ්‍යම රාත්‍රියේ
මෙම වර්ජනයට අධිවේගී මාර්ග ඇතුළුව බස් රථ දහඅටදහසක්, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, යතුරුපැදි ආදී ප්‍රවාහන සංගම් 26ක් එක්වන බව වර්ජකයින් පවසා ඇත.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙම වර්ජනයට සහාය පළකර නැත. කෙසේ වෙතත් මෙම වර්ජනයෙන් මහජනතාවට පීඩාවක් ඇති නොවන්නට ලංගම බස් රථ සේවකයින්ගේ නිවාඩුද අවලංගු කර එම සේවාව වෙනදාට වඩා කාර්යක්ෂම කරන්නට රජය පියවර ගෙන ඇත.
මීට අමතරව දුම්රිය සේවා වෘත්තීය සමිති සන්ධානයද පවසා ඇත්තේ ඔවුනගේ සේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද රෑ සිට වර්ජනය අරඹන බවයි.
No comments:
Post a Comment