ශ්‍රීලනීප අයවැය යෝජනා කුණුකුඩයට-කතා බැහැ 10 ඡන්දය දෙනු මෛත්‍රීගෙන් නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

ශ්‍රීලනීප අයවැය යෝජනා කුණුකුඩයට-කතා බැහැ 10 ඡන්දය දෙනු මෛත්‍රීගෙන් නියෝග

ජාතික ආණ්ඩුවේ අයවැයට එරෙහිව අත ඉස්සිමට කිසිවෙකුත් කටයුතු නොකලයුතු බවත් ඡන්දය භාවිතා කිරිම සදහා අනිවාර්යයෙන් එදිනට පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රීලනීප මෛත්‍රී පිළේ බත් බැලයන්ට ජනාධිපතිවරයා අනිවාර්ය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව ක්‍රියාත්මක නොකිරීම, සේවක අර්ථසාධක අරමුදලේ ණය පහසුකම් සහ එම අරමුදල් ශේෂය මත ලබාදෙන 30% මුදල ලබාගැනීමේ අවස්‌ථාව අහිමි නොකිරීම, මහ බැංකුවේ අධීක්‍ෂණයෙන් තොරව ජාතික ගෙවීම් වේදිකාව අයවැය යෝජනාව ක්‍රියාත්මක නොකිරීම සහ සමෘද්ධි බැංකුව සහ සමුපකාර බැංකුව ඒකාබද්ධ කිරීමෙන් වැළකීම ඇතුළු සංශෝධන කිහිපයක්‌ අයවැය යෝජනාවලට ශ්‍රීලනිපය ඉදිරිපත් කර ඇති අතර අදාල යෝජනා ඇතුලත් නොවන්නේ නම් අයවැයට එරෙහිව ඡන්දය දියයුතු බවට ශ්‍රීලනිප මෛත්‍රී බත් බැලයන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

ලබන 10 වැනිදා පැවැත්වෙන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරුන් සහාය පළ කරන්නේ ශ්‍රීලනිපය ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිගතහොත් පමණක්‌ බවට ශ්‍රීලනීප බත් බැලයන් අගමැතිවරයාට යෝජනා කලයුතු බව ජනපතිට දන්වා තිබේ. එම යෝජනාව එම අවස්ථාවේම ප්‍රතිකේෂ්ප කල ජනපති ශ්‍රීලනිප කණ්ඩායමට පවසා ඇත්තේ මේ අයවැයට සම්පූර්ණයෙන්ම සහය ලබාදිය යුතු බවත් අයවැය ඡන්දය විමසන ලබන 10 වැනිදා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සියලුම දෙනා සිටිය යුතු බවයි.

අදාළ අයවැය යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත ඉදිරිපත් කිරිමට ශ්‍රීලනිප මෛත්‍රී පිළ කටයුතු කර ඇති අතර අදාළ යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කිසිදු ධනාත්මක අවධානයක් යොමුකර නැති බවත් අදාළ යොජනා කුණු කුඩයට යැමේ තත්ත්වයක් උදාවි ඇති නිසා අයවැයට ඡන්දය දිම සම්බන්ධයෙන් නැවැත සිතා බැලිය යුතු බවට තමන් ඇතුලු ශ්‍රීලනිප මෛත්‍රී පිළේ කණ්ඩායම ජනාධිපතිවරයාට යෝජනා කල බවයි එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර ඇත්තේ.

අදාළ යෝජනා අගමැතිවරයාගේ අවධාරණයට  යොමුකර ඇති නමුත් ඒම යෝජනා කිසිවක් සම්බන්ධයෙන් තමන්ට යලිත් නිළ මට්ටමේ පිලිතුරක් නොලැබුන බවත් ඊට හේතුව තමන් නොදන්නා බවත්  මුදල් අමාත්‍යවරයා ශ්‍රීලනිප කණ්ඩායමට දැනුම් දුන් බවත් එම ජ්‍යෙෂ්ඨ සමාජිකයා සදහන් කර තිබේ.

2017 වර්ෂයේ ඉදිරිපත් වන අයවැයේදි වත්මන් ජාතික ආණ්ඩුව පරදවා ශ්‍රීලනිපයට ප්‍රමුඛතාව ලැබෙන ආණ්ඩුවක් සෑදිමට තමන් සුදානමින් සිටින බැවින් මේ අයවැයට විරුද්ධ නොවි සහය පලකරන ලෙස ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා සිය ශ්‍රීලනීප බත් බැලයන්ට පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඉදිරිපත් කර තිබේන අයවැය සම්පුර්ණයෙන්ම අගමැතිවරයාගේ බලපෑම් මත චරිත රත්වත්තේ සහ ආර්.පාස්කරලිංගම් විසින් සකස් කල එකක් බවත් අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා පවා සිටින්නේ කලකිරිමෙන් බව තමන් සමග පැවැසු බවද සිරිසේන ජනාධිපතිවරයා සිය කණ්ඩායම සමග පවසා තිබේන බව අප මීට පෙර අනාවරණය කළා.
සිරිසේන යලි ජෝකර් වෙයි -ලබන නොවැම්බර් වල ආණ්ඩුව වෙනස් කරනවාලු



උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad