'හම්බන්තොට වරාය එක් අයෙක් රු 10,000ක් ණය කළා' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 10, 2016

'හම්බන්තොට වරාය එක් අයෙක් රු 10,000ක් ණය කළා'

'හම්බන්තොට වරාය එක් අයෙක් රු 10,000ක් ණය කළා'ආර්ථික වශයෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර හා ව්‍යාවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ හම්බන්තොට වරාය චීන රජයට අයත් පෞද්ගලික සමාගමක් සමග බද්ධ ව්‍යාපාරයක් බවට පත්කිරීමට රජය පියවර ගෙන ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා චීනයෙන් රුපියල් කෝටි 15000කට වැඩි මුදලක් ණයට ගෙන ඇති බවත් එම වියදම පියවන්නේ කොළඹ වරායේ ආදායමෙන් බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

තවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2015 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා රුපියල් මිලියන 32,202 ක ආදායමක් ලබාගෙන ඇති බවත් එහිදී හම්බන්තොට වරාය උපයා ඇත්තේ රුපියල් මිලියන මිලියන 1730ක ආදායමක් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කොට තිබේ.

එම කාලසීමාවේදී හම්බන්තොට වරායේ මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2597ක් බවත් ණය හා පොලී වෙනුවෙන් රුපියල් මිලියන 8482ක් ගෙවා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

හම්බන්තොට වරායෙන් පමණක් මෙරට සෑම පුරවැසියෙකුම තවදුරටත් රුපියල් 10,000ක පමණ ණය බරකට හිරකර තිබෙන බව පවසන අමාත්‍යවරයා හම්බන්තොට වරාය ගොඩ නැංවීම සඳහා ඇති එකම උපායමාර්ගය වන්නේ එය ආදායම් උපයන ව්‍යවසායක් බවට පත්කිරීම බවද පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අයිතිය තහවුරු කරගනිමින් අනූ නව බදු ක්‍රමය යටතේ හම්බන්තොට වරාය ආදායම් උපයන ව්‍යවසායකයෙකු බවට පත්කිරීමට රජය කටයුතු කරන බවත් වරාය විදෙස් රටකට විකුණා දැමීමක් හෝ රට පාවාදීමක් සිදු නොවන බවත් අමාත්‍යවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad