ඊයේ සිංහයන් ලැබූ සුපිරි ජයග්‍රහණයේ විශේෂ අවස්ථා මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

ඊයේ සිංහයන් ලැබූ සුපිරි ජයග්‍රහණයේ විශේෂ අවස්ථා මෙන්න (VIDEO)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය අවසන් මොහොතේදී ලකුණු 225 කින් ජයගත් ශ්‍රී ලංකා පිල 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ඊයේ (02) සමත්විය.

තරගයට වර්ෂාවෙන් බාධා ඇති නොවීම ශ්‍රී ලංකා කණ්ඩාමේ ජයග්‍රහණයට ආශිර්වාදයක් විය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම සඳහා සිම්බාබ්වේ පිතිකරුවන් බලවත් උත්සාහයක නිරත වුවද ඕවර 3.1 ක් ඇතුළතදී අවසන් කඩුලු දෙකම බිම දැමූ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

ඊයේ හවස්වරුවේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගයේ සිව්වැනි දිනය ඉක්මනින් අවසන් කිරීමට සිදුවු නිසා තරගයේ පස්වැනි සහ අවසන් දිනයවූ ඊයේ උදෑසන තරගය මිනිත්තු 30 ක් කළින් ආරම්භ කෙරිණ.

එහෙත් පන්දුවට පහර දීමට නොපැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පෙරදින සන්ධ්‍යාවේ කඩුලු 6 ක් දැවී ලබාසිටි ලකුණු 247 න් ඉනිම නතර කරමින් දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ලෙස සිම්බාබ්වේ පිලට ඇරයුම් කර සිටියේය.

තරගයෙන් ජයගැනීම සඳහා සිම්බාබ්වේ පිලට ලකුණු 412 ක ඉලක්කයක් ලැබිණ. නායකත්වය දැරූ පළමු ටෙස්ට් තරගයම ජයග්‍රහණය කළ රංගන හේරත් මේ වන විට දවාගෙන සිටින ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 338 කි.

තරග 74 කට ක්‍රීඩාකර වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානයට පත්ව සිටින හේරත්ට වඩා ඉදිරියෙන් සිටින්නේ අනිල් කුම්බල් කඩුලු (තරග 74 ක දී කඩුලු 340 ක්)  සහ මුත්තයියා මුරලිදරන් (තරග 74 කදී කඩුලු 417 ක්) දෙදෙනාය. තරග 74 ක් අවසානයේදී ෂේන් වෝන්ට ලබාගැනීමට හැක්වී ඇත්තේ කඩුලු 325 ක් පමණී.

තේ පානය වන විට කඩුලු 4 ක් අතැතිව සිටි සිම්බාබ්වේ පිල ඕවර 28.3 ක් පන්දුවට පහර දෙමින් දිනයේ නිමාව වන තෙක් සිය කණ්ඩායම ඇදගෙන ගියහ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණවූයේ තරගයේ ජයග්‍රහණය හඹා යෑමට වඩා ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමටය.

අවසන් කඩුල්ල සදහා කාල් මුම්බා සහ ක්‍රිස්ටෝෆර් මොෆූට එක් කිරීමට හැකිවූයේ තවත් ලකුණු 3 ක් පමණී. ඩිල්රුවන් පෙරේරා එවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ක්‍රිස්ටෝෆර් මොෆූ ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමත් සමගින් ශ්‍රී ලංකා පිල නොඉවසිල්ලෙන් බලාසිටි ජයග්‍රහණය සම්පූර්ණ විය.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම සදහා සිම්බාබ්වේ නායක ග්‍රේම් ක්‍රීමර් දැඩි පරිශ්‍රමයක් දැරූ නමුත් හදිසියේම අවධානය බිඳගත් දකුණක් පිතිකරුවා සීමාවෙන් ඉවතට පැමිණ පන්දුව සොයා යද්දී කුසල් පෙරේරා කඩුල්ල බිඳ දැමීය. ලකුණු 43 කට ග්‍රේම් ක්‍රීමර්  දැවී ගිය අතර ක්‍රීමර් සහ කාල් මුම්බා එක්ව නවවැනි කඩුල්ල සදහා ලකුණු 38 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

67 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ඩොනල්ඞ් ටිරිපානෝ කඩුල්ල මුවා කළේ යැයි රංගන හේරත් විසින් ඉල්ලීමක් කලද ප්‍රධනා විනිසුරු විසින් එය ප්‍රතික්‍ෂේප කළද ‘හෝක් අයි’ තාක්‍ෂණයෙන් දැකගත හැකිවූයේ එම පන්දුව කඩුල්ලේ වදින ආකාරයකි. නමුත් හේරත් යැවූ ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන් නැවතත් ඩොනල්ඞ් ටිරිපානෝ කඩුල්ල මුවා කළේ යැයි ඉල්ලීමක් සිදුකළ අතර එය දැවී යාමක් යැයි ප්‍රධාන විනිසුරු තීරණය කළද පිත්තේ දාරයේ වැදුණු පන්දුව පාදයේ වැදී තිබුණී.

තේ පානයෙන් පසු පන්දු යැවීම සදහා රංගන හේරත් පැමිණි අතර ඔහු යැවූ පළමු ඕවරයේ සිව්වැනි පන්දුවෙදී ධනංජය ද සිල්වා පළමු ස්ලිප්හී සිට රැකගත් විශිෂ්ට උඩපන්දුව හමුවේ ෂෝන් විලියම්ස් ලකුණු 40 කට දැවී ගියේය.

දිවා ආහාරයෙන් පසු තවත් ලකුණු 26 ක් සිම්බාබ්වේ පිලට එක් කිරීමට ෂෝන් විලියම්ස් සහ පීටර් මූවර් සමත්වූවද ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පීටර් මූවර් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 100 ක් විය.

ආරම්භයේදීම සිම්බාව්වේ පිල අබිමුව තිබුණේ අසීරු අභියෝගයකි. මුලු ලකුණු සංඛ්‍යාව 31 ක් ව තිබියදී බ්‍රයන් චාරි දැවී ගියත් ටිනෝ මාවෝයෝ සහ හැමිල්ටන් මසකඞ්සා එක්ව ලකුණු සංඛ්‍යාව 68 ක් දක්වා ඉහළ දැමූහ.


ටිනෝ මාවෝයෝ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට ඩිල්රුවන් පෙරේරා සමත් වූවද ‘හෝක් අයි’ තාක්‍ෂණයෙන් දැකගත හැකිවූයේ එම පන්දුව ටිනෝ මාවෝයෝගේ පා ඉන්නෙන් ඉවතට ඇදි යන බවයි. මෙම තරගයේදී විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය නොමැතිවීම දෙපිලටම බොහෝ සෙයින් අවාසිදායක විය.

දිවා ආහාරය වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායම දිවා ආහාරයත් තේ පානයත් අතර තරගය පැවැති හෝරා දෙකේදී රැස්කළේ ලකුණු 62 ක් පමණක් නමුත් එම කාලය අතරතුරදී අහිමිකරගත්තේ කඩුල්ලක් පමණි.

සිම්බාබ්වේ කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කළ ඕවරයක්වූ තිස්දෙවැනි පන්දුවාරයේ තෙවැනි සහ පස්වැනි පන්දුවලදී ලකුණු 20 ක් ලබාසිටි හැමිල්ටන් මසකඞ්සා සහ මැල්කම් වෝලර්  කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට සුරංග ලක්මාල් සමත් වූයේය.

මාවෝයෝගේ දැවී යාමෙන් පසුව ලකුණු 6 ක් ඇතුළතදී තවත් පිතිකරුවන් තිදෙනකු දැවී ගිය අතර කඩුල්ලක් දැවී ලකුණු 68 ක් ව තිබූ සිම්බාබ්වේ ලකුණු පුවරුව ඕවර 4 ක් ඇතුළතදී කඩුලු 5 කට 74 ක් ලෙස වෙනස් විය.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න....


 

No comments:

Post a Comment

Post Bottom Ad