මලික් ඒකාබද්ධයේ චෝදනා වලට පිළිතුරු දෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

මලික් ඒකාබද්ධයේ චෝදනා වලට පිළිතුරු දෙයි (VIDEO)

මලික් ඒකාබද්ධයේ චෝදනා වලට පිළිතුරු දෙයි (VIDEO)

මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 1000 කට ආසන්න මුදලක් වංචා කිරීමට තමන් සම්බන්ධ බවට ඒකාබද්ධ විපක්ෂය එල්ල කරන චෝදනා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රතික්ෂේප කරයි.

ඊයේ (24) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් ද අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරන බවයි.

ඊයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේ අමාත්‍යවරයා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලෙන් රුපියල් මිලියන 1000කට ආසන්න මුදලක් වංචාකල බව පවසමිනි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad